නිවසේ අලුත්වැඩියාවලට FASTFIX

by admindasun
0 comment 35 views

ජලනල කාර්මික කටයුතුවල පටන් විදුලි රැහැන් අලුත්වැඩියාව දක්වාම නිවාස අලුත්වැඩියා කටයුතු පහසු කිරීම සඳහා ශ්‍රී ලංකාවේ නිර්මාණය වුණු මුල්ම app එක වන FASTFIX යෙදවුම දියත් කර තිබේ.

ඒ, නිවාස අලුත්වැඩියා සේවා සපයන්නන් හා සේවාලාභින් මෙම යෙදවුම මගින්, ඒකරාශි කරමින් ශ්‍රී ලංකාව පුරාම පාරිභෝගිකයින් හට පහසු සේවාවක් සැලසීමේ අරමුණින් යුතුවය.

සෙන්ට් ඇන්තනීස් ඉන්ඩස්ට්‍රීස් සමූහ ව්‍යාපාරයේ පූර්ණ අනුබද්ධිත ඇන්ටන් සමාගම හා අත්වැල් බැඳගනිමින් දියත් කෙරෙන මෙම FASTFIX app යෙදවුම මේ වනවිටත් ජලනල අලුත්වැඩියා සේවාවන් වෙත ප්‍රවේශ වීමට පාරිභෝගිකයින් හට පහසු අවකාශයක් සලසා දෙමින් තිබේ.

මෙමගින් පරිශීලකයින්ට ආසන්නයෙන්ම ඇති සේවා සපයන ස්ථාන පහසුවෙන් සොයා ගැනීමටත්, සිය අවශ්‍යතාව ඉටු කර දීමට වඩාත්ම සුදුසු සේවා සපයන්නා හා සම්බන්ධ වීමටත්, එමගින් වඩා තෘප්තිමත් සේවාවක් ලබා ගැනීමටත් හැකියාව සැලසේ.

මෙම නවෝත්පාදන යෙදවුම අනුවාද දෙකක් ලෙසින් නිර්මාණය කර ඇත.

ඉන් එකක් පාරිභෝගිකයින් සඳහා වන අතර එහිම අනෙක් යෙදවුම සේවා සපයන්නන් සඳහාය.

පාරිභෝගිකයෙකු තමා ආසන්නයෙන්ම ඇති සේවා සැපයුම්කරුවෙකු තෝරාගත් විටෙක, එම සේවා සැපයුම්කරුට තම යෙදවුම වෙත ක්ෂණික පණිවිඩයක් ලැබෙන අතර, යෙදවුමේ අභ්‍යන්තර ශ්‍රව්‍ය, දෘශ්‍ය ඇමතුම් ක්‍රම මගින් සේවාලාභියා හා සම්බන්ධ විය හැකිය.

මෙම යෙදවුම මගින් දැනට ජලනල කාර්මික කටයුතු කෙරෙහි අවධානය යොමු කර ඇති අතර, විදුලි කාර්මික සේවා සපයන්නන්, වඩු කාර්මික සේවා සපයන්නන්, වායුසමීකරණ යාන්ත්‍රිකයන් සහ තවත් බොහෝ පුහුණු සේවා සපයන්නන්ගේ සේවය ලබා ගැනීම සඳහා FASTFIX සමාගම් සමග අත්වැල් බැඳ ගනිමින් සිටියි.

තවත් එවැනිම පුවත් කිහිපයක්

Leave a Comment