ඔන්ලයින් ගෙවීමේ ක්‍රම භාවිත කරන ලෙස මහ බැංකුව ජනතාවගෙන් සහ වෙළෙද ආයතනවලින් ඉල්ලයි

by admindasun
0 comment 20 views

මේ දිනවල කරනු ලබන මුදල් ගෙවීමේ කටයුතු සදහා අතින් මුදල් ලබා දීම වෙනුවට හැකි තාක් විද්‍යුත් ගෙවීම් ක්‍රම භාවිත කිරීමට කටයුතු කරන ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව ජනතාවගෙන් මෙන්ම වෙළෙද ආයතන සහ වෙළෙද මහත්වරුන්ගෙන් ඉල්ලා සිටියේය.

ඒ අනුව ජනතාවට මුදල් ලබා ගැනීම සදහා බැංකුවලට හෝ ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර වෙතට යාමට අව්‍යශ නොවන බැවින් කොවිඩ් – 19 වසංගතය පැතිරීම වැළැක්වීමට එය මනා පිටිවහලක් වනු ඇත.

තව දුරටත් ශ්‍රී ලංකා මහ බැංකුව කියා සිටියේ එම පහසුකම් නොමැති වෙළෙද මහත්වරුන්ට සහ ආයතනවලට එම පහසුකම ලබා ගැනීමට අවශ්‍ය විස්තර සදහා 0769779779 හෝ 0707779779 යන අංක අමතන ලෙස හෝ එම අංකවලට කෙටි පණිවුඩයක් යවන ලෙසයි.

තවත් එවැනිම පුවත් කිහිපයක්

Leave a Comment