කොවිඩ් – 19 වසංගත තත්ත්වය සමග බජාජ් පාරිභෝගිකයන්ගේ ආරක්ෂාව තව දුරටත් තහවුරු කරනු වස් ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි (ප්‍රයිවට්) ලිමිටඩ් වෙතින් පසුගියදා බජාජ් ජෙනුයින් අමතර කොටස් ඩිලිවරි සේවාව හඳුන්වාදෙන ලදී.
ඒ අනුව මෙරට පාරිභෝගිකයන්ගේ බජාජ් වාහනවලට අවශ්‍ය අලි පැංචා ලකුණ සහිත ජෙනුයින් අමතර කොටස් දැන් නිවසටම ගෙන්වා ගැනීමේ පහසුව ඇත.
සඳුදා සිට සිකුරාදා දක්වා දිනවල පෙ.ව. 8. 30 සිට ප.ව. 5.00 දක්වාද සෙනසුරාදා දිනවල පෙ.ව. 8.30 සිට ප.ව. 1.00 දක්වාද (වෙළෙද නිවාඩු දිනවල හැර) මෙම සේවාව ක්‍රියාත්මක වේ.
යම් කිසි පාරිභෝගිකයෙකුට අවශ්‍ය බජාජ් ජෙනුයින් පාර්ට්ස් ඇණවුම 0765 700600 යන දුරකථන අංකයට වට්ස් ඇප් කළ විට එම ඇණවුම ලැබුණු බවට පෙරලා වට්ස් ඇප් පණිවුඩයක් ලැබෙන අතර ඇණවුම පැය 24ක් ඇතුළත නිවසටම ගෙනවිත් දීමට කටයුතු කරයි. සිකුරාදා දිනවල දහවල් 12ට කලින් යොමු කළ යුතු අතර මේ සම්බන්ධයෙන් කොන්දේසි අදාළ වේ.
කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීම පිණිස රජය විසින් ගෙන ඇති සියලු ක්‍රියාමාර්ගවලට අනුගත වෙමින් ජනතාව වෙත මෙසේ ජෙනුයින් අමතර කොටස් බෙදාහරිනු ලැබේ.
බජාජ් ජෙනුයින් පාර්ට්ස් මිලදී ගැනීම සදහා මුඵ දිවයිනම ආවරණය වන පරිදි ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි (ප්‍රයිවට්) ලිමිටඩ්හි පාර්ට්ස් අවුට්ලට්ස් සහ බජාජ් ජෙනුයින් අමතර කොටස් ඩීලර් ජාලය ස්ථාපිත කර ඇත. එසේම ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි (ප්‍රයිවට්) ලිමිටඩ්හි බජාජ් ජෙනුයින් අමතර කොටස් ඩිලිවරි සේවාවද දැන් දිවයින පුරා ක්‍රියාත්මක වේ.
බජාජ් ජෙනුයින් අමතර කොටස් මෙරට එකම බෙදාහරින්නා වන ඩේඩිඩ් පීරිස් මෝටර් කම්පැනි (ප්‍රයිවට්) ලිමිටඩ් මේ වන විටත් මෙරට පාරිභෝගිකයන්ට බජාජ් ජෙනුයින් අමතර කොටස් හඳුනාගන්නා ආකාරය පිළිබඳව දැනුවත් කර ඇත.
එහිදී බජාජ් ජෙනුයින් අමතර කොටස් අසුරණය මත අලවා ඇති අලිපැංචා සලකුණ සහිත හොලෝග්‍රෑම් ස්ටිකරය සූරා මතුවන අංකය 0777 66 55 77 ට කෙටි පණිවුඩයක් මගින් යැවීමෙන් පසු ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි (ප්‍රයිවට්) ලිමිටඩ් වෙතින් ‘ඔබ මිලදී ගනු ලැබුවේ බජාජ් නියම අමතර කොටසක්’ බවට තහවුරු කළ කෙටි පණිවිඩයක් ලැබෙනු ඇත.
බජාජ් ජෙනුයින් අමතර කොටස් ඩිලිවරි සේවාව පිළිබදව වැඩි විස්තර 0114700650 අංකයෙන් ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි (ප්‍රයිවට්) ලිමිටඩ්හි අමතර කොටස් හා උපාංග අංශය ඇමතීමෙන් ලබාගත හැකිය.
