OPPO F17 Pro, ස්මාර්ට් වොච් සහ Enco W51 හෙඩ් ෆෝන්

by admindasun
0 comment 46 views

OPPO F17 Pro දුරකථන මාදිලිය ශ්‍රී ලංකාවට හඳුන්වා දීම පසුගියදා අන්තර්ජාලය ඔස්සේ පැවති සුවිශේෂී උත්සවයකදී සිදුකෙරිණි. මෙම අවස්ථාවට ශ්‍රී ලංකාවේ තරුණ පරපුරේ හදවත් දිනූ කලාකරුවන් සහ ප්‍රමුඛ පෙළේ තාක්ෂණික බ්ලොග්කරුවෙක් වූහ. අන්තර්ජාලය ඔස්සේ පැවති මෙම උත්සවයද අතිශයින් සාර්ථක වූ අතර, එයද ශ්‍රී ලංකාවේ ඩිජිටල් මාවතේ නව සන්ධිස්ථානයක් ලෙස සැලකිය හැක. එය ශ්‍රී ලංකාවේ ජංගම දුරකථන සන්නාමයක් විසින් පවත්වන ලද පුද්ගලික තලයේ උත්සවයක් සඳහා වැඩිම සජීවී ප්‍රේක්ෂක පිරිස වාර්තා වූ අවස්ථාව ලෙස ඉතිහාසගත වීමටබොහෝ දුරට ඉඩ තිබේ. ඩිජිටල් මාධ්‍යයන් ඉලක්ක කරගත් මෙම උත්සවය පෞද්ගලික තලයේ එළිදැක්වීමේ උළෙලක් සඳහා සමගාමී සජීවී විකාශයක් සිදුකරන ලද ප්‍රථම අවස්ථාව වන අතර, නාලිකා 15 ක් සමග Facebook සහ YouTube සඳහා Full HD Streaming ක්‍රමයට විකාශය කරන ලදි.
OPPO F17 Pro යනු වර්තමානයේ අධිවේගී ජීවන රටාවන්ට මැනවින් ගැළපෙන, කාලයේ තාලයට සරිලන නවීන තාක්ෂණයන් එක්තැන් කරගත් දුරකථන මාදිලියකි. මේ සියල්ල පාරිභෝගිකයන් වෙතට පැමිණෙන්නේ ආකර්ෂණීය හා හුරුබුහුටි නිමාවකින් යුතුව ය.
OPPO F17 Pro මාදිලිය සමග මෙරට බොහෝ දෙනා අපේක්ෂාවෙන් සිටි, Wear OS by Google මෙහෙයුම් පද්ධතිය සහිත, ජලය ඇතුළු වීම අවම වන ලෙස නිපදවා ඇති OPPO Watch සහ OPPO Acoustics යටතේ එන Active Noise Cancellation (ANC) තාක්ෂණය සහිත රැහැන් රහිත OPPO EncoW51 හෙඞ්ෆෝන් මාදිලිය හඳුන්වා දීමද සිදුකෙරිණි.

තවත් එවැනිම පුවත් කිහිපයක්

Leave a Comment