Sell-X අලෙවි නියෝජිතයින් අගයයි

by admindasun
0 comment 383 views

දකුණු ලක පරිඝනක සහ සී.සී.ටී.වී කැමරා අලෙවියේ හා බෙදාහැරීමේ ප්‍රමුඛතම සමාගමක් වන Sell-X පුද්ගලික සමාගම පසුගියදා Hikvison සී.සී.ටී.වී. කැමරා අලෙවි නියෝජිතයින් හා පාර්ශවකරුවන් මූල්‍යමය වශයෙන් ඇගයීමට ලක් කළේය.

Hikvison සී.සී.ටී.වී කැමරා අලෙවි නියෝජිතයින් හා පාර්ශවකරුවන් අනූවකට වැඩි සංඛ්‍යාවක් Sell-X පුද්ගලික සමාගම සමග සම්බන්ධ වී සිටින අතර, ඔවුන්ගෙන් වැඩිම අලෙවියක් වාර්තා කළ අය අගය කිරීමට ලක් කළේ මූල්‍යමය වශයෙන් හා තවත් දිරිගැන්වීම් ලබා දෙමින්ය.

Hikvison ආයතනය සී.සී.ටී.වී. කැමරා අලෙවි හා සවිකිරීම් කටයුතු කරන බිම් මට්ටමේ අලෙවි නියෝජිතයින්ට සිය ප්‍රතිලාභ බෙදාහැරීමේ වැඩසටහනක් පසුගිය වසරේ අවසන් කාර්තුවේදී ආරම්භ කළේය.

එම ප්‍රතිලාභවලට Sell-X පුද්ගලික සමාගම සිය දායකත්වයද ලබාදී ඉහළ මූල්‍යමය වටිනාකමක් සහිතව සිය අලෙවි නියෝජිතයින් හා පාර්ශවකරුවන් අගය කිරීමට ලක් කළේය.

එහිදී මූල්‍යමය ප්‍රතිපාදනවලට අමතරව පසුගිය වසර පහ තුළදී Hikvison නිශ්පාදන වැඩියෙන්ම Sell-X පුද්ගලික සමාගමෙන් ලබාගත් අලෙවි නියෝජිතයෙක්ට මෝටර් රථයක්ද ප්‍රදානය කළේය.

මීට අමරව සංචාරක හෝටල් පැකේජ ඇතුළු ත්‍යාග රැසක්ද සිය පාර්ශවකරුවන් හා අලෙවි නියෝජිතයින් අතර බෙදා දුන්නේය.

“සිය අලෙවි ඉලක්ක සම්පූර්ණ කරන කලාපීය නියෝජිතයින්ට මූල්‍යමය ප්‍රතිලාභ ලබාදුන්නා. පසුගිය වසරේ අවසන් කාර්තුවේ සිට මෙය තවදුරටත් ඉදිරියට ගෙන යමින් බිම් මට්ටමේ අලෙවි නියෝජිතයින්ට ද ප්‍රතිලාභ ලබාදෙන ක්‍රමවේදයක් ආරම්භ කර තිබෙනවා.  එයට Sell-X පුද්ගලික සමාගමේද දායකත්වය ද ලබාදෙමින් අපේ අලෙවි නියෝජිතයින් හා පාර්ශවකරුවන් අගය කිරීමට ලක් කළා.  ලංකාවේ ඔ්නෑම අයෙක්ට Hikvison සී.සී.ටී.වී. කැමරා සහ අනෙකුත් උපාංග අලෙවි නියෝජිතයෙක් ලෙස අප සමග සම්බන්ධවීමට අවස්ථාව තිබෙනවා. අපගේ සී.සී.ටී.වී. කැමරා සදහා වසර දෙකක වගකීමේ සහතිකයක් ලබාදෙන අතර ගිනි හා අකුණු අනතුරුවලදී වසරක් දක්වා වගකීමක් ලබාදෙනවා. මෙය වෙනත් කිසිදු ආයතනයකින් ලබාගත නොහැකි ප්‍රතිලාභයක්” Sell-X පුද්ගලික සමාගමේ කළමනාකරණ අධ්‍යක්ෂ සමීර බෝපගේ පැවසුවේය.

Hikvison සී.සී.ටී.වී. කැමරා සම්බන්ධයෙන් වන තාක්ෂණික දැනුම ලබාදීමටද Sell-X පුද්ගලික සමාගම ඉදිරිපත්ව සිටී. ඒ අනුව විශාල ව්‍යාපෘතිවලදී විදේශීය විශේෂඥයින් ගෙන්වා, ඔවුන්ගේ දැනුමද අදාල ව්‍යාපෘතියට ලබාදෙයි..

මෙරට Hikvison සී.සී.ටී.වී. කැමරා බෙදාහැරීමේ කලාපීය ප්‍රමුඛයා වන Sell-X පුද්ගලික සමාගම පසුගිය වසර හතරෙන් තුනකදීම පළමු ස්ථානයට ද පත්වූයේ පාරිභෝගිකයින්ට විශිෂ්ඨ සේවයක් ලබාදෙමින්ය.

දකුණු ලක සී.සී.ටී.වී. කැමරා බෙදාහැරිමේ පමණක් නොව  පරිඝනක හා ඒ් ආශ්‍රිත උපාංගයන්හි ලොව ප්‍රමුඛතම සන්නාමයන් වන Dell, ASUS, HP, Aser, Lenovo වැනි නිශ්පාදනවල අලෙවි ප්‍රමුඛයා වන්නේද Sell-X පුද්ගලික සමාගමයි. නවතම පරිඝනක මෙන්ම භාවිතා කළ පරිඝනක අලෙවියේ ප්‍රමුඛයාද වන Sell-X  පුද්ගලික සමාගමට දිවයින පුරාම ගාස්තු රහිතව පරිඝනක බෙදාහැරීමේ ජාලයක්ද සතුය.

තවත් එවැනිම පුවත් කිහිපයක්

Leave a Comment