දිවයිනේ පුරෝගාමී පාරිභෝගික භාණ්ඩ අලෙවි සන්නාමය මෙන්ම, ලොවට මහන මැෂින් හඳුන්වා දීමේ පුරෝගාමී නාමයද වන සිංගර්, ශ්‍රී ලංකාවේ ගෘහස්ත, සුළු හා මධ්‍ය පරිමාණ මැහුම් කර්මාන්තය නගා සිටුවීමේ අරමුණින්, විදුලිය ඉතිරි කරන නවතම මහන මැෂින් මාදිලි පෙළක් වෙළෙඳ පොළට හඳුන්වා දී තිබේ.
එක් නිෂ්පාදනයක් නිම කිරීම සඳහා අවශ්‍ය වන සෑම මාදිලියකම මැෂින් මෙම නවතම මාදිලි පෙළට ඇතුළත් වන හෙයින් දැන්, ගෘහස්ත, සුළු පරිමාණ මෙන්ම මධ්‍ය පරිමාණ මැහුම් මධමධඇඟළුම් කර්මාන්ත ශාලාවලට යොදා ගැනීමෙන් කාර්යක්ෂම හා මනා නිමාවෙන් යුතු නිෂ්පාදන සමගින් සිය නිෂ්පාදන ඉලක්ක වෙත යාමට මැහුම් කර්මාන්තයේ නියුතු ඔබට අවස්ථාව සලස්වා දී තිබේ.
එමෙන්ම සිංගර් හඳුන්වා දෙන ඩිරෙක්ට් ඩ්‍රයිව් තාක්ෂණයෙන් යුත් මෙම නවතම මැෂින් මාදිලි පෙළ මගින් 70% ක් දක්වා විදුලිය පිරිමැසීමේ හැකියාව, පාරිභෝගිකයින් හට අත් විඳිය හැකි සුවිශේෂීම වාසියකි.
ශ්‍රී ලංකාවේ මැහුම් කර්මාන්තයේ දියුණුව වෙනුවෙන් දීර්ඝ කාලීනව කටයුතු කරන සිංගර්, ගෘහස්ත, සුළු හා මධ්‍ය පරිමාණ මැහුම් කර්මාන්තය ඉලක්ක කර ගනිමින් දේශීය වෙළෙඳ පොළට ඉදිරිපත් කළ කාර්මික අධිවේගී මහන මැෂින්, මේ වන විටත් සීඝ්‍ර අලෙවියක් අත්පත් කර ගනිමින් තිබේ.
අද වන විට මැහුම් කර්මාන්තයේ නියැලෙන පිරිස පමණක් නොව, ගෘහස්ත පාරිභෝගිකයින් වැඩි දෙනෙක්ද, සිය මැහුම් අවශ්‍යතාවය ඉටු කර ගැනීම උදෙසා අධිවේගී මහන මැෂින් මිලදී ගැනීමට පෙළඹී සිටිති.
ඒ අනුව මහන මැෂින් සඳහා දිනෙන් දින ඉහළ යන ඉල්ලුම සලකා බලා තවත් නවතම මැෂින් මාදිලි 35 ක් පමණ සිංගර් මේ වන විට වෙළෙඳ පොළට නිකුත් කර තිබේ.
