OPPO නව හෙඩ් ෆෝන් තුනක් හදුන්වා දෙයි

by admindasun
0 comment 49 views

OPPO සමාගම නවතම හෙඩ්ෆෝන් මාදිලි 03ක් ශ්‍රී ලංකාවට හදුන්වා දීමට පසුගියදා කටයුතු කළේය.

OPPO Enco Free, OPPO Enco W31 සහ OPPO Enco M31 යන මාදිලි මෙලෙස මෙරට වෙළෙද පොළට හදුන්වාදී ඇති අතර නවීනතම තාක්ෂණය සමගින් එන උසස්ම තත්ත්වයේ නිෂ්පාදන ශ්‍රී ලාංකිකයන්ට සමීප කරවීමෙ උත්සාහයේ තවත් එක් පියවරක් වශයෙන් OPPO මෙම හදුන්වා දීම් සිදු කර තිබේ.

OPPO Enco Free: ඔබේ ස්මාර්ට්ෆෝන් දුරකථනයට හොදින්ම ගැළපෙයි

2019 වසරේදී හුදෙක් ස්මාර්ට්ෆෝන් නිෂ්පාදන සීමාවෙන් ඔබ්බට යමින් IoT ක්ෂේත්‍රයට පිවිසීමත් සමග OPPO හදුන්වාදුන් ප්‍රථම රැහැන් රහිත හෙඩ්ෆෝන් මාදිලිය OPPO Enco Free මාදිලියයි. මෙම මාදිලිය OPPO හෙඩ්ෆෝන් මාදිලි අතරින් ස්මාර්ට්ෆෝන් සදහා වඩාත්ම හොදින් ගැළපෙන මාදිලිය ලෙසද සැලකේ.

OPPO Enco W31: සංගීතයේ සැබෑ බලය අත්විදින්න

OPPO Enco W31 යනු මිල අතින් වඩාත් සහනදායී විකල්පයකි. එහිදී ‘Binaural Low-latency Bluetooth transmission’ තාක්ෂණයක් භාවිත වන අතර බොහෝ ස්මාර්ට්ෆෝන් වර්ග සමග භාවිත කළ හැකි වේ. එමෙන්ම වඩාත් හොදින් දෙකන් තුළ රදවා ගත හැකි වීම සහ ජලය හා දුහුවිලි ආදියෙන් හානි වීමේ ඉඩකඩ අවම වීම වැනි ගුණාංග සහිත මෙම හෙඩ්ෆෝන් මාදිලිය හදුන්වාදී ඇත්තේ නිතර හෙඩ්ෆෝන් භාවිත කරන්නන්ටත් ඉතා හොදින් ගැළපෙන ආකාරයටය.

OPPO Enco M31: සැබෑම බේස් නාදය දෙසවනට

OPPO Enco M31 යනු OPPO Enco Q1 මාදිලියට පසුව OPPO හදුන්වාදුන් දෙවැනි ‘Neckband-style’ හෙඩ්ෆෝන් මාදිලියයි. මෙය ‘High -resolution audio product’ ලෙස වර්ග කර ඇත. එම වර්ගීකරණය යටතේ එන මාදිලි අතරින් මෙම මිල පරාසය තුළ මිලදී ගත හැකි ප්‍රථම මාදිලිය වන්නේද OPPO Enco M31 හෙඩ්ෆෝන් මාදිලියයි.

තවත් එවැනිම පුවත් කිහිපයක්

Leave a Comment