බජාජ් වාහන හිමියන්ට තවත් අලුත් අත්දැකීමක් ලබා දෙමින් ශ්‍රී ලංකාවේ පළමු වරට බජාජ් ජෙනුයින් පාර්ට්ස් සහ ජෙනුයින් ඔයිල් ඔන්ලයින් මිලදී ගැනීමට ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි (ප්‍රයිවට්) ලිමිටඩ් විසින් පසුගියදා bajajgenuine.dpmco.com වෙබ් අඩවිය හදුන්වා දෙන ලදී.
කොවිඩ්-19 වසංගත පසුබිම තුළ ආරක්ෂාව තහවුරු කර ගන්නා අතරතුර වටිනා කාලයද ඉතිරි කර ගනිමින් බජාජ් ත්‍රිරෝද රථ, මෝටර් සයිකල්, කියුට් සහ KTM මෝටර් සයිකල් සදහා අවශ්‍ය ජෙනුයින් ස්පෙයාර් පාර්ට්ස් මෙන්ම බජාජ් ජෙනුයින් ඔයිල් bajajgenuine.dpmco.com හරහා පහසුවෙන් ඇණවුම් කිරීමේ හැකියාව දැන් පාරිභෝගිකයින්ට ඇත. එපමණක් නොව පාරිභෝගිකයාගේ නිවසට, වාහනය අලුත්වැඩියා කරන ස්ථානයට හෝ අවශ්‍ය ඕනෑම ස්ථානයකට ඇණවුම පහසුවෙන්ම ගෙන්වා ගත හැකිය.
bajajgenuine.dpmco.com හදුන්වාදීමේ විශේෂ දීමනාවක් ලෙස මෙම වෙබ් අඩවිය හරහා සිදු කරන සෑම ගනුදෙනුවක් සදහාම සීමිත කාලයකට අමතර ගාස්තුවක් නොමැතිව ඔබ වෙතටම ඇණවුම ගෙනවිත් දීමට සමාගම කටයුතු යොදා ඇත.
පරිශීලකයන්ට ඉතාමත් පහසු වන ආකාරයට නිර්මාණය කර ඇති bajajgenuine.dpmco.com වෙබ් අඩවියට පිවිසෙන කෙනෙකුට තමාට අවශ්‍ය ජෙනුයින් පාර්ට් එක හෝ ජෙනුයින් ඔයිල් වර්ගය මිලදී ගැනීමේදී අනුගමනය කිරීමට ඇති පියවර ඉතා සරල මෙන්ම පහසු වන අයුරින් නිර්මාණය කර ඇත. bajajgenuine.dpmco.com වෙත පිවිසුණු විට ඔබ පළමුව යොමු වන්නේ Spare Parts e-Shop වෙතටයි.
අවශ්‍ය කාණ්ඩය ක්ලික් කිරීමෙන් පසු ඔබට ලබාගත හැකි අමතර කොටස් සහ බජාජ් ජෙනුයින් ඔයිල් වර්ග මිල ගණන් සමග දැක්වේ. ඔබේ තේරීමත් සමග ඉදිරියට ගිය විට තෝරාගත් භාණ්ඩ ඔබගේ ඇණවුමට එකතු කළ හැකි අතර ඔබගේ සම්පූර්ණ ඇණවුම තුළ අදාළ බිල්පත් වටිනාකම දිස්වේ. ඇණවුම ඔබ වෙත ලැබුණු පසු මුදල් ගෙවීම සිදු කළ හැකිය.
බජාජ් ජෙනුයින් පාර්ට්ස් සහ ජෙනුයින් ඔයිල් පාරිභෝගිකයින් වෙත බෙදා හැරීමේදී ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි (ප්‍රයිවට්) ලිමිටඩ් කාර්ය මණ්ඩලය හැම විටම රජය විසින් නිකුත් කර ඇති කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ මාර්ගෝපදේශයන් ඒ අයුරින්ම අනුගමනය කෙරේ.
