SLT-MOBITEL වෙතින් මාතලේ රෝහලට PCR යන්ත්‍රයක්

by admindasun
0 comment 42 views

ශ්‍රී ලංකාවේ ජාතික තොරතුරු සන්නිවේදන තාක්ෂණ හා ජංගම දුරකථන ජාලය වන SLT-MOBITEL, මේ වනවිට ‘සබැඳියාවේ සත්කාරය’ ප්‍රජා සත්කාර ව්‍යාපෘතිය යටතේ දිවයිනේ රෝහල් කිහිපයකට PCR යන්ත්‍ර පරිත්‍යාග කිරීමට පියවර ගෙන තිබේ.

එහි ප්‍රථම අදියර යටතේ කෑගල්ල දිස්ත්‍රික්කයේ කරවනැල්ල මූලික රෝහලට PCR යන්ත්‍රයක් පරිත්‍යාග කරන ලද අතර, දෙවැනි  PCR යන්ත්‍රය පසුගියදා මාතලේ දිස්ත්‍රික් රෝහල වෙත පරිත්‍යාග කරන ලදී.

ඉදිරියේදී මොණරාගල මූලික රෝහලට සහ කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ රෝහලට PCR යන්ත්‍ර දෙකක් පරිත්‍යාග කිරීමට SLT-MOBITEL සැලසුම් කර ඇත. SLT-MOBITEL දාන පාරමිතා වැඩසටහන යටතේ මේ සඳහා මූල්‍ය අනුග්‍රහය හිමිවේ.

තවත් එවැනිම පුවත් කිහිපයක්

Leave a Comment