
නොකඩවා තෙවන වරටත් ශ්‍රී ලංකාවේ වඩාත්ම ආදරය කරන මෝටර් සයිකල් සන්නාමය ලෙස බජාජ් මෝටර් සයිකල් බ්‍රෑන්ඩ් ෆයිනෑන්ස් ලංකා විසින් ඔවුන්ගේ 18 වන වාර්ෂික සන්නාම සමාලෝචනයේදී තෝරාගෙන ඇත.
ලෝකයේ හතරවන විශාලතම මෝටර් සයිකල් නිෂ්පාදකයා වන බජාජ් මෝටර් සයිකල් පෙළ සීටී 100, ප්ලැටිනා, ඩිස්කවර්, ඇවෙන්ජර්, පල්සර් යන මාදිළිවලින් සමන්විත වන අතර ලතින් ඇමෙරිකාව, අප්‍රිකාව, මැද පෙරදිග, දකුණු සහ අග්නි දිග ආසියාව ඇතුළු රටවල් 72කට අධික සංඛ්‍යාවක මේ වන විට අලෙවි කරනු ලබයි.
හැම මාදිළියකම බජාජ් මෝටර් සයිකල් ශ්‍රී ලාංකිකයින් අතර ජනප්‍රිය වී ඇත්තේ එහි අනර්ඝ තත්ත්වය, තාක්ෂණය, විලාසිතාව, ඉන්ධන කාර්යක්ෂමතාව සහ පාරිභෝගිකයාට දරාගත හැකි මිල හේතුකොටගෙනය.
බ්‍රෑන්ඩ් ෆයිනෑන්ස් ලංකා විසින් ඔවුන්ගේ වාර්ෂික සන්නාම සමාලෝචනයට බජාජ් සන්නාමය 2011 වසරේ සිට ඇතුළත් වූ අතර 2019, 2020 සහ 2021 වසරවල ශ්‍රී ලංකාවේ වඩාත්ම ආදරය කරන මෝටර් සයිකල් සන්නාමය නම් කරන ලදී.
“එක දිගට වසර 03ක් ශ්‍රී ලංකාවේ වඩාත්ම ආදරය කරන මෝටර් සයිකල් සන්නාමය ලෙස බජාජ් නාමය සම්මානයට පාත්‍ර වීම සම්බන්ධව අපි ඉමහත් ලෙස ආඩම්බර වනවා. බජාජ් සන්නාමය සහ ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි (ප්‍රයිවට්) ලිමිටඩ් කෙරෙහි විශ්වාසය තැබීම සම්බන්ධයෙන් අපගේ පාරිභෝගිකයින්ට කෘතඥතාව පුද කරන අතරම පාරිභෝගිකයින් වෙනුවෙන්ම කැපවෙමින් තම රැකියාවේ රාමුවෙන් ඔබ්බට ගිය පාරිභෝගික සේවයක් ලබා දීම සම්බන්ධව අප සේවක මණ්ඩලයටද ස්තුති වන්ත විය යුතුයි. ඔවුන්ගේ කැපවීම අප සන්නාමයේ ශක්තිය බවට පත්වි ඇති බව පිළිබිඹු කරන පැහැදිළි අවස්ථාවක් ලෙස මෙය හදුන්වන්නට පුලුවන්,” යැයි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (වාහන විකුණුම්) ලක්මාල් ද සිල්වා මහතා පැවසුවේය.
තවදුරටත් අදහස් දැක්වූ ද සිල්වා මහතා පැවසුවේ; “සාමාන්‍යයෙන් බොහෝ දෙනාගේ පළමු වාහනය බවට පත්වන්නේ මෝටර් සයිකලය. ඒ වගේම ගමනාගමනයේ සාඩම්බර සහකරුවෙකු ලෙසද බජාජ් මෝටර් සයිකලය හදුන්වන්න පුලුවන්. අපගේ සන්නාම වෙනුවෙන් උපරිම කැපවීම අප අතින් නිරන්තරයෙන්ම ඉටු වන අතර එය මෝටර් සයිකලයක් අලෙවියට සීමා වූවක් නොවේ. ශ්‍රී ලංකාවේ ඔටෝමොබයිල් කර්මාන්තයේ විශාලතම සමාගම ලෙස දිවයින පුරා පිහිටි 1,400කට අධික අප අලෙවි, සේවා සහ අමතර කොටස් ඩීලර්වරුන් හරහා අපගේ පාරිභෝගිකයින්ට අලෙවියෙන් පසු උපරිම සේවාව ලබාදීමට අපි කැපවී සිටිනවා”
එක් එක් ක්ෂේත්‍රයට අයත් සන්නාම සදහා ජනතාව ලබා දෙන ප්‍රතිචාරය වගුගත කර ලැබෙන දත්ත විශ්ලේෂණය කිරීමෙන් වැඩිම ප්‍රතිචාර හිමිවී ඇති සියලු සන්නාම බ්‍රෑන්ඩ් ෆයිනෑන්ස් ලංකා නම් කරනු ලබයි. මෙම වැඩසටහන සදහා සන්නාම ඇතුළත් කරනු ලබන්නේ බ්‍රෑන්ඩ් ෆයිනෑන්ස් ආයතනයේ ඇති සන්නාම පිළිබද දත්ත ගබඩාව සහ පසුගිය වසර 10 ඇතුළත රැස්කරගත් ඉතිහාසගත තොරතුරු පාදක කර ගනිමිනි.
ශ්‍රී ලංකාවේ විශාලතම මෝටර් සමාගම වන ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි (ප්‍රයිවට්) ලිමිඩට් බජාජ් සහ KTM මෙරට එකම බෙදාහැරීමේ නියෝජිතයා ලෙස දශක හතරකට අධික කාලයක් කටයුතු කරනු ලබයි.
