ඉන්දියාවේ මහින්ද්‍රා ඇන්ඩ් මහින්ද්‍රා සමාගම විසින් පවත්වන ලද 2020-2021 ගෝලීය තරගාවලියකදී මෙරට අලෙවි නියෝජිත අයිඩියල් මෝටර්ස් සමාගම සම්මාන රැසකින් පිදුම් ලැබුවේය.
මෙම තරගාවලිය මහින්ද්‍රා ඇන්ඩ් මහින්ද්‍රා සමාගමේ නිෂ්පාදනයන් අලෙවි කරන රටවල් 22ක නියෝජිතයන්ගේ සහභාගිත්වයෙන් ඔන්ලයින් තාක්‍ෂණය ඔස්සේ පැවැත්විණි.
සේවා විධායක නිලධාරි, ගැටලු සොයා ගැනීමේ විශේෂඥයින් හා තාක්‍ෂණික ශිල්පීන් ලෙස කාණ්ඩ තුනක් යටතේ මෙම තරගය පැවැත්වුණු අතර අයිඩියල් ෆස්ට් චොයිස් නියෝජනය කළ තුෂාර රාමනායක ගැටලු සොයා ගැනීමේ විශේෂඥ කාණ්ඩයේ පළමු ස්ථානයද, එම අංශයෙන්ම තරග වැදුණු සුබෝධ වීරසේකර තුන්වන ස්ථානයද, තාක්‍ෂණික ශිල්පී අංශයෙන් තරග වැදුණු චාමර කත්‍රිආරච්චි ප්‍රථම ස්ථානයද හිමිකර ගැනීමට සමත්විණි.
මීට අමතරව මහින්ද්‍රා අයිඩියල් ලංකා සමාගම මෙරට එකලස් කරන මහින්ද්‍රා KUV 100 Mini SUV මෝටර් රථය සඳහා ස්ථාපනය කරනු ලැබූ නවීන තාක්‍ෂණයෙන් සමන්විත සේවා මධ්‍යස්ථාන සඳහා ඉන්දික වෙදගේ හා බුද්ධික බණ්ඩාර යන කළමනාකරුවන් ප්ලැටිනම් අංශයේ ජයග්‍රාහයන් බවට පත්විණි.
මෙම තරගාවලිය සඳහා තෝරා ගැනීමේ තරග ලෙස දේශීය තරගාවලියක් පැවැත්වූ අතර එහි ජයග්‍රාහකයන් කලාපීය කාණ්ඩ යටතේ තරග වැදීමෙන් අනතුරුව තෝරාගත් ජයග්‍රාහකයන් ගෝලීය කාණ්ඩය යටතේ තරගාවලියට එක් විය.
පාරිභෝගිකයාගේ සෞභාග්‍ය යන තේමාව මූලික කරගත් අයිඩියල් මෝටර්ස් සමාගම ලැබූ මෙම සම්මාන තුළින් සිය පාරිභෝගියන් වෙනුවෙන් ලබාදෙන සුවිශේෂී සේවාව මනාව පිළිබිඹු වේ.
අයිඩියල් ව්‍යාපාර සමූහයේ නිර්මාතෘ හා සභාපති නලීන් වෙල්ගම, උප සභාපති අරවින්ද ද සිල්වා සහ අධ්‍යක්‍ෂ චමින්ද වනිගරත්න යන මහත්වරුන්ගේ මගපෙන්වීම යටතේ අයිඩියල් මෝටර්ස් සමාගම නව වෙළෙඳ රථ මිලදී ගත් පාරිභෝගියන්ට සේවාවන් සැපයීමට 300 කට අධික සේවා බලකායක් ස්ථාපිත කර ඇති අතර තවද අයිඩියල් මෝටර්ස් සමාගමෙහි සහෝදර සමාගමක් ලෙස අයිඩියල් ෆස්ට් චොයිස් නාමය යටතේ අලුත්වැඩියා ස්ථාන 12ක් දිවයින පුරා පිහිටුවා ඇත.
ශ්‍රී ලාංකීය සැහැල්ලු වෙළෙඳ රථ කාණ්ඩයේ ප්‍රමුඛයා වන අයිඩියල් මෝටර්ස් සමාගම තවත් සුවිශේෂී සංධිස්ථානයක් සනිටුහන් කරමින් 2019 වර්ෂයේදී පාරිභෝගික සේවා අංශයේ මෝටර් රථ අංශය සඳහාද යොමු විය.
මේ සඳහා කලුතර දිස්ත්‍රික්කයේ වැලිපැන්න ප්‍රදේශයේ අති නවීන අංගෝපාංගයන්ගෙන් සමන්විත කර්මාත්තශාලාවක් ආරම්භ කෙරිණි. එහිදී මහින්ද්‍රා අයිඩියල් ලංකා සමාගම ස්ථාපිත කර මහින්ද්‍රා KUV 100 Mini SUV මෝටර් රථය මෙරට එකලස් කිරීම ආරම්භ කරනු ලැබීය. මෙම අංශයේ පාරිභෝගිකයන් සඳහාද සමාගමේ අධ්‍යක්‍ෂ චමින්ද වනිගරත්න මහතාගේ මගපෙන්වීම යටතේ දිවයිනේ දිස්ත්‍රික්ක 25 ආවරණය වන පරිදි පාරිභෝගික රථ සඳහා විධිමත් ලෙස අලෙවියෙන් පසු සේවාවක් සැපයීමට සේවා ස්ථාන 55ක් ආරම්භ කිරීමට කටයුතු යොදනු ලැබීය. ඒ අනුව මහින්ද්‍රා පාරිභෝගික රථ සඳහා සියලුම දිස්ත්‍රික්කයන්හි තෝරාගත් නගර 55කදී (අයිඩියල් මෝටර්ස්හි රත්මලානේ පිහිටි ප්‍රධාන වැඩබිමද ඇතුලුව අයිඩියල් ෆස්ට් චොයිස්හි දිවයින පුරා පිහිටි සේවා ස්ථාන 12ද ඇතුළත් වේ) සේවාවන් ලබාදීම සිදු කෙරේ.