OPPO ගෙනෙන ‘Orange Campaign’

by admindasun
0 comment 28 views

OPPO Sri Lanka සමාගම ‘Orange Campaign’ නමින් සුවිශේෂී විනෝදාත්මක ප්‍රවර්ධන වැඩසටහනක් ආරම්භ කිරීමට පසුගියදා කටයුතු කළේ ය. මේ අභියෝගකාරී කාලසීමාවේදී ශ්‍රී ලාංකිකයන්ගේ නිර්මාණශීලීත්වය පුබුදු කරවීම මෙම වැඩසටහනේ මූලික ඉලක්කය වී ඇත. OPPO F17 දුරකථන මාදිලියේ වර්ණ අතරින් එකක් වන ‘Dynamic Orange’වර්ණය මුල්කරගෙන මෙම ප්‍රවර්ධන වැඩසටහන නිර්මාණය වී ඇති අතර, එදිනෙදා ජීවිතය වර්ණවත් කරනඑක් සුවිශේෂී වර්ණයක් වන තැඹිලි වර්ණය මීට වස්තු විෂය වේ.

මෙම වැඩසටහනට සහභාගී වීම සඳහා කෙනෙකු කළ යුතු වන්නේ, කැපීපෙනෙන ලෙස තැඹිලි වර්ණය ඇතුළත් කිසියම් දෙයක් සහිත ඡායාරූපයක්, #DynamicOrange හෑෂ්ටැග් සහිතව OPPO Sri Lanka නිල ෆේස්බුක් පිටුවට ඇතුළත් කිරීම පමණි. මෙහි විශේෂත්වය වන්නේ මෙය හුදෙක් OPPO දුරකථන භාවිතා කරන්නන්ට පමණක් සීමා නොවීමයි. ඒ අනුව ඕනෑම මාදිලියක දුරකථනයකින් ඡායාරූපය ලබාගෙන අප්ලෝඞ් කළ හැකි අතර, අවශ්‍ය වන්නේ සම්පූර්ණ රාමුව පුරා ඡායාරූපය විහිදී පැවතීම සහ එහි තැඹිලි වර්ණයෙන් යුත් දෙයක් ඇතුළත් වී තිබීම පමණි.

තැඹිලි වර්ණය යනු ප්‍රමෝදය, උණුසුම් බව සහ ජවසම්පන්න බව වැනි විවිධ ගුණාංග නිරූපණය කිරීමට සමත් වර්ණයකි. මෑතකදී හඳුන්වා දෙන ලද OPPO F17 මාදිලියේ ‘ලෙදර් වලට සමාන’ පෙනුමක් සහිත පසුපස කවරයට යොදා ඇති තැඹිලි වර්ණය, එම දුරකථන වලට නැවුම්, සුවිශේෂී හා කැපීපෙනෙන ආකර්ෂණයක් ලබාදීමට සමත් වී ඇත. මෙම ‘Dynamic Orange’ වර්ණය සමග එක්වූ One-piece body නිමාව, දුරකථනය අතේ රඳවාගැනීමේදීද විශේෂ පහසුවක් ගෙනෙයි.

අලංකාරයට අමතරව අධිවේගී ආරෝපණය, විනෝදාස්වාදය සඳහා සැකසුණු විශේෂ අංග, වේගවත් ක්‍රියාකාරීත්වය සහ ්ෂ තාක්ෂණය සහිත කැමරා පද්ධතිය වැනි විශේෂාංග රැසක්ද OPPO F17 මාදිලියට ඇතුළත් වී තිබේ.
‘Orange Campaign’ 2020 නොවැම්බර් 09 දිනය වනතෙක් ක්‍රියාත්මක වන අතර ජයග්‍රාහකයන්ට OPPO වෙතින් වටිනා ත්‍යාග හිමිවනු ඇත.

තවත් එවැනිම පුවත් කිහිපයක්

Leave a Comment