මොබයිල් එක වෙලාවට UPDATE කරගන්න

by admindasun
0 comment 16 views

(අනුග්‍රහය – https://webtecsrilanka.com/)

මේ දවස් වල හැමෝම ගෙදර ඉන්න නිසා දුරකථන භාවිතය ගොඩක් වැඩි වෙලා ඇති. Downloads, Website Visits වැඩි වෙලා ඇති. ඉතින් ඒ නිසා ඔබේ දුරකථනයට Virus එන්නත් තියන ඉඩ කඩ වැඩි.එක වළක්ව ගන්න පුළුවන් හොඳම ක්‍රමේ තමයි ඔබේ දුරකථනයේ Updates ටික නියම වෙලාවට කරගන්න එක.ඉතින් අද අපි බලමු කොහොමද මේ Updates ටික වෙලාවට කරගන්නේ කියල.

මුලින්ම ඔබේ දුරකථනයේ තිබෙන Android OS Version එක සොයා ගන්න. එය සොයා ගන්න පහත පියවර අනුගමනය කරන්න.
Settings > System > About phone or Settings > About phone.

ඉන් පසු Settings හි ඇති Softaware update හෝ System Update Click කරන්න. එයින් ඔබේ දුරකථනයට Updates ඇවිත් තිබේ දැයි සොයා ගත හැක. Updates ඇවිත් තිබේ නම් Update කිරීමට ප්‍රථමයෙන් ඔබ සිදු කල යුතු පියවට 2ක් ඇත. ඒ නම්,

අලුත් Update එක සඳහා Phone එකේ Space එක සකසා ගත යුතුය.
ඔබේ දුරකථනයේ දැනට තිබෙන අවශ්‍ය සියළුම Data කල Backup යුතුය.

ඔබට අවශ්‍ය Space එක සකසා ගැනීමට Settings > Device Storage වෙත ගොස් දැනට පවතින Space එක පිළිබඳ අදහසක් ගෙන ඔබට Update එක සඳහා අවශ්‍ය ඉඩ ප්‍රමාණය සකසා ගත හැක.

එමෙන්ම අවශ්‍ය ඩේටා Backup කරගැනීමට Settings > Accounts වෙත ගොස් Backup & Restore වෙතින් ඔබේ ඩේටා Gmail එක වෙත කරගන්න.

ඉන් පසු නැවත Softaware update හෝ System Update Click කර Mobile Data මගින් හෝ Wifi මගින් ඔබේ දුරකථනය යාවත්කලීන කරගන්න. මෙයට ටික කාලයක් වැය වන නිසා දුරකථනයේ Battery ආයු කාලය පිළිබඳ සැලකිලිමත් වන්න. මොකද හදිසියේවත් Update එක යන අතර තුර Phone එක Off උනොත් ඔබේ Android OS එකට පවා හානි සිදුවිය හැකියි.

තවත් එවැනිම පුවත් කිහිපයක්

Leave a Comment