ICU ඇඳන් මෙරටම හදයි

by admindasun
0 comment 13 views

මෙරට රෝහල්වල දැඩි සත්කාර ඒකක සදහා අවශ්‍ය ඇදන් මෙරටදීම නිෂ්පාදනය කිරීම වාණිජ වශයෙන් ආරම්භ කළ බව කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.

අප්‍රේල් 03 වන දින මීගමුව රෙක්ස් ඉන්ඩස්ටී්‍රස් ආයතනය දැඩි සත්කාර ඒකක ඇඳන් වාණිජමය ලෙස නිෂ්පාදනය කිරීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සදහන් කළේය.

කොරෝනා වසංගතයත් සමග සංවාදයක් මතු වූවා, ‘අපට දැඩි සත්කාර ඒකක ඇඳන් පන්සීයකට වඩා නැහැ’ කියා. එයට උත්තර සෙවීමට යාමේදී තමයි මට දේශීය කර්මාන්තකරුවකු වන රෙක්ස් ඉන්ඩස්ටී්‍රස් ආයතනයේ අධිපති සුනිල් ප්‍රනාන්දු මහතා සිහිපත් වූයේ. අපේ ඉල්ලීමට අනුව මෙම ආයතනය ඉතා කෙටි කලකින්, දේශීය අමුද්‍රව්‍ය පමණක් යොදාගෙන ඕස්ටේ්‍රලියාවේ රෝහල්වල දැඩි සත්කාර ඒකක සඳහා යොදාගන්නා ඉහළ ප්‍රමිතියෙන් යුතු ඇඳකට සමාන ඇඳක් නිෂ්පාදනය කරනු ලැබුවේ. ඉදිරියේදී මෙම දැඩි සත්කාර ඒකක ඇඳ ස්වයංක්‍රියව ක්‍රියාත්මක කරන ආකාරයට වැඩිදියුණු කිරීමටත් මෙම ආයතනය පොරොන්දු වී තිබෙනවා.
දැනටමත් සෞඛ්‍ය අංශවලින් මේ සඳහා ඇණවුම් ලැබී තිබෙනවා යැයි අමාත්‍ය වීරවංශ තව දුරටත් පැවසුවේය.

තවත් එවැනිම පුවත් කිහිපයක්

Leave a Comment