අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලිට්‍රෝ ගෑස් මිල ඉහළ දැමීමට තීරණය කර ඇත.
ඒ අනුව කිලෝ ග්‍රෑම් 12.5 ගෑස් සිලින්ඩරයක් රුපියල් 1257කින්ද, කිලෝ ග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක් රුපියල් 503කින්ද, කිලෝ ග්‍රෑම් 2.5ක ගෑස් සිලින්ඩරයක් රුපියල් 231කින්ද ඉහළ දමා ඇත.
නව ගෑස් මිල පහත පරිදි වේ.
කි.ග්‍රෑ. 12.5 – රු. 2750.00
කි. ග්‍රෑ. 5 – රු. 1101.00
කි. ග්‍රෑ. 2.5 – රු. 520.00
මීට පෙර කිහිප වතාවක්ම ගෑස් මිල ඉහළ දැමීම සදහා අදාළ සමාගම් විසින් ඉල්ලීම් කර තිබුණු අතර ගෑස් සදහා පනවා තිබූ පාලන මිල පසුගියදා ගැසට් නිවේදනයක් මගින් අවලංගු කරන ලදී.
