ගොතටුව සහ මුල්ලේරියාටත් ඇදිරි නීතිය පනවයි

by admindasun
0 comment 25 views

කොළඹ දිස්ත්‍රික්කයේ ගොතටුව සහ මුල්ලේරියාව යන පොලිස් බල ප්‍රදේශවලට අද රාත්‍රි 07 සිට යළි දැනුම් දෙන තුරු නිරෝධායන ඇදිරි නීතිය ක්‍රියාත්මක කෙරෙන බව කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසයි.

මේ වන කොවිඩ් – 19 වසංගතය සම්බන්ධව රටේ පවතින තත්ත්වය සැළකිල්ලට ගෙන අදාළ ප්‍රදේශවලට ඇදිරි නීතිය ක්‍රියාත්මක කෙරෙන අතර ඉන් පසු එම ප්‍රදේශවලට ඇතුළු වීමට හෝ එම ප්‍රදේශවලින් පිටවීම තහනම් වේ.

තවත් එවැනිම පුවත් කිහිපයක්

Leave a Comment