15 වන කොවිඩ් මරණය වාර්තා වෙයි

by admindasun
0 comment 49 views

කොවිඩ් – 19 ආසාධනය වීම නිසා කුලියාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයෙකු මිය ගොස් ඇති බව මීට ටික වේලාවකට පෙර සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා අංශය විසින් නිවේදනය කළේය.

මියගිය පුද්ගලයා 56 හැවිරිදි පිරිමි පුද්ගලයෙකු වන අතර ඔහු හදවත් රෝගයකින් සහ වකුගඩු රෝගයකින් පෙළුණු කෙනෙකු බවත් වැඩබලන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් එස්. ශ්‍රී ධරන් මහතා පවසයි.

කුලියාපිටිය, ඌරලිය, කිතලව ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන ඔහු ඔක්තෝබර් 14 වන දින රෝහල් ගත කර ඇත.

මෙය ශ්‍රී ලංකාවේ කොවිඩ් – 19 නිසා සිදුවුණු 15 වන මරණය බවත් වැඩබලන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසුවේය.

තවත් එවැනිම පුවත් කිහිපයක්

Leave a Comment