කළුතර දිස්ත්‍රික්කයේ වලල්ලාවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ග්‍රාම නිළධාරී වසම් 05ක් හුදෙකලා ප්‍රදේශ ලෙස නම් කර ඇති බව කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුධ හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසයි.
ඒ අනුව ගලවිට උතුර, ගලවිට දකුණ, වෙදවත්ත, මගුරුමස්විල සහ මාකලන්දාව ග්‍රාම නිළධාරී කොට්ඨාස හුදෙකලා කර ඇති අතර එම ප්‍රදේශවලිිිින් පිටවීම සහ එම ප්‍රදේශවලට ඇතුළු වීම තාවකාලිකව තහනම් කර ඇත.
පවතින කොවිඩ් – 19 වසංගත තත්ත්වය හේතුකොටගෙන මෙම තීරණය ගෙන ඇති අතර යළි දැනුම් දෙන තුරු එය ක්‍රියාත්මක වේ.
