දෙමටගොඩ, මරදාන, බේරුවල, පයාගල, අලුත්ගමටත් ඇදිරි නීතිය

by admindasun
0 comment 118 views

කොවිඩ් – 19 වසංගතය නිසා මේ වන විට රටේ උද්ගත වී ඇති තත්ත්වය හේතුකොටගෙන කොළඹ දිස්ත්‍රික්කයේ දෙමටගොඩ, මරදාන යන පොලිස් වසම්වලට සහ කළුතර දිස්ත්‍රික්කයේ බේරුවල, පයාගල සහ අලුත්ගම යන පොලිස් වසම්වලටද වහාම ක්‍රියාත්මක වන පරිදි නිරෝධායන ඇදිරි නීතිය ක්‍රියාත්මක කර ඇති බව කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසයි.

මරදාන සහ දෙමටගොඩ පොලිස් බල ප්‍රදේශවලට යළි දැනුම් දෙන තුරු ඇදිරි නීතිය ක්‍රියාත්මක වන අතර කළුතර දිස්ත්‍රික්කයේ බේරුවල, පයාගල සහ අලුත්ගම යන පොලිස් වසම්වලට පනවා ඇති ඇදිරි නීතිය 26 වනදා සදුදා උදෑසන 05 දක්වා ක්‍රියාත්මක වන බවත් ඔහු කියා සිටියේය.

 

තවත් එවැනිම පුවත් කිහිපයක්

Leave a Comment