වෘත්තීය සමිති ජනපති හමුවට

by admindasun
0 comment 52 views

පසුගියදා පැවැත්වුණු විරෝධතා කිහිපයක් හේතුකොටගෙන මේ වන විට නිරෝධායනයට යොමු කර සිටින වෘත්තීය සමිති නියෝජිතයන් නියෝජනය කරන ආණ්ඩුවේ මර්දනයට එරෙහි වෘත්තීය සමිති සහ බහුජන සංවිධාන එකමුතුවේ නියෝජිතයින් කිහිප දෙනෙකු ජනාධිපතිවරයා වෙත සංදේශයක් බාරදීමට නියමිතය.

මේ වන විට පල්ලෙකැලේ නිරෝධායන මධ්‍යස්ථානයේ රදවා සිටින කම්කරු අරගල මධ්‍යස්ථානයේ සංවිධායක ලේකම් දුමින්ද නාගමුව News Unlimited වෙත අදහස් දක්වමින් කියා සිටියේ නීතිමය පදනමක් නැතිව බලහත්කාරයෙන් මේ වන විට රදවා සිටින වෘත්තීය සමිති නායකයින් නිදහස් කරන තුරු තම සටන ඉදිරියට ගෙන යන බවයි.

තවද ඊයේ දිනයේදී නිරෝධායන මධ්‍යස්ථානය තුළ තමා ඇතුළු පිරිස විරෝධතාවක් ගෙන ගිය අතර ඉදිරියේදීද එවැනි විරෝධතා සිදු කිරීමට නියමිත බවත් ඔහු කියා සිටියේය.

තවත් එවැනිම පුවත් කිහිපයක්

Leave a Comment