ගුරු සටන දිග්ගැස්සෙයි

by admindasun
0 comment 1194 views

මේ වන විට නිරෝධායනයට යොමු කර සිටින වෘත්තීය සමිති නායකයින් මුදා හරින ලෙස ආණ්ඩුවට බල කරමින් ගුරු වෘත්තීය සමිති විසින් ආරම්භ කර ඇති වැඩ වර්ජනය අද දිනයේදීත් ක්‍රියාත්මක වුණු අතර රට පුරා මාර්ගගත ඉගැන්වීම් ඉන් අඩාල විය.

කෙ‌සේ වෙතත් ගුරු සංගම් විරෝධය තම අයිතීන් දිනා ගන්නා තෙක් ඉදිරියට රැගෙන යන බව ගුරු – විදුහල්පති වෘත්තීය සංගම් වෙනුවෙන් News Unlimited වෙතට අදහස් දැක්වූ ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ පැවසුවේය.

තව දුරටත් අදහස් දක්වමින් ඔහු කියා සිටියේ වසර 24ක කාලයක් මුළුල්ලේ නොවිසදුණු ගුරු වැටුප් විෂමතා ලබා ගැනීම දක්වා මෙම සටන ඉදිරියට යන බවයි.

මේ වන විට නිරෝධායනයට යොමු කර ඇති වෘත්තීය සමිති නායකයින් මුදා හැරීම තම සටනේ පළමු ඉල්ලීම වන අතර කොතලාවල පනත අහෝසි කිරීම සහ ගුරු වැටුප් විෂමතා ඉවත් කිරීමද එම සටන් පාඨවලට තවදුරටත් එකතු වී ඇති බවත් ජයසිංහ මහතා පැවසුවේය.

තවත් එවැනිම පුවත් කිහිපයක්

Leave a Comment