විමල් පිළ යළි ආණ්ඩුවට එරෙහිව සටනට

by admindasun
0 comment 209 views

යහපාලන ආණ්ඩුව සමයේ කරළියට ගෙනැවිත් පරාජයට පත්වූ පනතක් වත්මන් ආණ්ඩුව විසින් නැවත ගෙන ඒම හැට නම ලක්ෂයේ ජනවරමට මුළුමනින්ම පිටුපෑමක් බව විමල් වීරවංශ මහතාගේ ජාතික නිදහස් පෙරමුණට අනුබද්ධ අනාගතය අපි තරුණ ව්‍යාපාරයේ ජාතික සංවිධායක ඉසුරු ප්‍රසංග මහතා අද දින මාධ්‍ය හමුවක් අමතමින් කියා සිටියේය.

අද කොතලාවල පනත සමිබන්ධව රට පුරා පැන නැගුණු විරෝධයත් සමග රටේ විශාල ව්‍යාකුල තත්තවයක් ඇතිවී තිබෙනවා. මේ විරෝධය ඇතමුන් සිතන ආකාරයට හුදු ආණ්ඩු විරෝධී බලවේගවල ක්‍රියාකාරීත්වයකට ලඝු කළ හැක්කක් නොවෙයි. කෙටියෙන්ම කිවතොත් මෙය පෙරටුගාමී, ජවිපෙ, අන්තරේ වැනි බලවේග පමණක් නොවෙයි මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යතුමා පවා විරුද්ධ වූ පනතක් බව අමතක නොකළ යුතු බවත් ඔහු කියා සිටියේය.

මෙම පනත මුලින්ම 2018 අප්‍රේල් 11 වැනිදා ගෙන ආ බවත් ඊට දින කීපයකට පසු වෛද්‍ය පීඨ දෙමාපිය සංගමය කාල්ටන් නිවසට ගොස් මේ පිළිබද මහින්ද රාජපක්ෂ මහතා දැනුවත් කළ අතර එතුමා ඒ මොහොතේ  මේ පනතට එරෙහි වූ බවත් ප්‍රසංග මහතා තව දුරටත් කියා සිටියේය.

තව දුරටත් අදහස් දැක්වූ ඔහු කියා සිටියේ ඉන් පසු මෙම පනත යහපාලන ආණ්ඩුව විසින් හකුලා ගත් අතර එදා ඊට විරුද්ධ වූ වර්තමාන අගමැතිතුමා විසින්ම පාර්ලිමේන්තුවට යළ මෙය ඉදිරිපත් කිරීම ඉතාම කනගාටුදායක තත්ත්වයක් බවයි.

ප්‍රසංග මහතා වැඩිදුරටත් මෙසේ කියා සිටියේය.

“මේ කතා කරන අපි ගැන සදහනක් කළොත් අපි මේ ආණ්ඩුවට එරෙහි පාර්ශ්වයක් නොවෙයි. අපි මේ ජනවරමේ අභිලාෂයන් වෙනුවෙන් පෙනී සිටි ජාතිකවාදී මතවාදය නියෝජනය කරන සංවිධානයක්… අපි පෙරටුගාමීන් හෝ වාමාංශිකයන් නොවෙයි. ඒ නිසා පෙරටුගාමීන් කියන දේ පිළිගන්න බැරි අය ඉන්නවා නම් කරුණාකරලා අපි කියන දේවත් අහන්න කියලා අපි කියනවා.”

තවත් එවැනිම පුවත් කිහිපයක්

Leave a Comment