සංවර්ධන නිළධාරීන් සේවයෙන් ඉවතට

by admindasun
0 comment 44 views

කොළඹ පැවැති උද්ඝෝෂණයකින් අනතුරුව මේ වන විට නි‌රෝධායනයට යොමු කර ඇති වෘත්තීය සමිති නායකයින් ඇතුළු විරෝධතාකරුවන් නිදහස් කරන ලෙස ඉල්ලා රට පුරා ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට අනුයුක්තව සේවය කරන සංවර්ධන නිලධාරීන් සහ අභ්‍යාසලාභීන් හෙට (14) දින වැඩ වර්ජණයක් දියත් කිරීමට කටයුතු යොදා ඇත.

මේ සම්බන්ධව අදහස් දක්වමින් ඒකාබද්ධ සංවර්ධන නිළධාරී මධ්‍යස්ථානය පැවසුවේ අයිතීන් ඉල්ලා විරෝධතාවයේ යෙදුණ තම මධ්‍යස්ථානයේ ලේකම් ලේකම් ධම්මික මුණසිංහ, ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරී සංගයේ කැඳවුම්කරු තැන්නේ ඤාණානන්ද හිමියන් ඇතුළු ගුරු සංගම් නායකයින්, මේ වනවිට යුද හමුදාව යටතේ පාලනය වන නිරෝධායන මධ්‍යස්ථානවල රදවා ඇති බවයි.

මීට එරෙහිව මේ වනවිටත් ගුරු සංගම් වර්ජනයක් කැඳවා ඇති අතර ඒකාබද්ධ සංවර්ධන නිළධාරී මධ්‍යස්ථානයද හෙට දින වර්ජනයට පිළිතුරු නොලැබුණොත් දැඩි වෘත්තීය ක්‍රියා මාර්ගවලට අවතීර්ණ වන බවට අනතුරු අගවා සිටියේය.

 

තවත් එවැනිම පුවත් කිහිපයක්

Leave a Comment