ගුරු වර්ජනය දැඩි වන ලකුණු

by admindasun
0 comment 52 views

මේ වන විට නිරෝධායනයට යොමු කර තිබෙන ගුරු වෘත්තීය සමිති නායකයින් නිදහස් කිරීම, අධ්‍යාපන ගැටලු සහ ගුරු-විදුහල්පති වැටුප් විෂමතා ඉවත් නොකිරීම, කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාල පනත සම්මත කරමින් නිදහස් අධ්‍යාපන අයිතිය කප්පාදුව ඇතුළු කරුනු මුල් කරගෙන ගුරු සහ විදුහල්පතිවරු අද සිට (12) ආරම්භ කළ මාර්ගගත ඉගැන්වීම්වලින් ඉවත්වීමේ ක්‍රියාමාර්ගය විසදුම් ලැබෙන තුරු තව දුරටත් ක්‍රියාත්මක බව එම වෘත්තීය සමිති එකමුතුව වෙනුවෙන් ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ මහතා පවසයි.

මෙම වර්ජනය නිසා රට පුරා සියලු මාර්ගගත ඉගැන්වීම් නැවතී ඇති බවත් කොළඹ ඇතුලු සියලුම ප්‍රධාන පෙළේ පාසල් හා උතුරු නැගෙනහිර ඇතුලු සියලුම ප්‍රදේශවල මාර්ගගත ඉගැන්වීම් මේ වන විට මුලුමනින්ම නතර කර ඇති බවද ආණ්ඩුව තවදුරටත් ඇහුම්කන් නොදී මර්දනකාරීව කටයුතු කරන්නේ නම් තවදුරටත් වෘත්තීය සමිති ක්‍රියාමාර්ග දැඩි කිරීමට පියවර ගන්නා බවද ඔහු කියා සිටියේය.

ලංකා ගුරු සේවා සංගමය, ලංකා ගුරු සංගමය, සමස්ත ලංකා එක්සත් ගුරු සංගමය, ශ්‍රී ලංකා ජාතික විදුහල්පති සංගමය ඇතුලු වෘත්තීය සමිති රැසක එකමුතුවෙන් මෙම වර්ජනය දියත් කර ඇති බවත් ජයසිංහ මහතා වැඩි දුරටත් පැවසුවේය.

තවත් එවැනිම පුවත් කිහිපයක්

Leave a Comment