“නව්‍ය  හිතකාමී  ව්‍යවසායක පරිසරයක් කරා”

by admindasun
0 comment 20 views

ශ්‍රී ලංකාවේ තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනය  (ICTA) මෙරට තාක්‍ෂණික අංශයේ නව්‍ය  ව්‍යවසායකයන්  සඳහා වන රාජ්‍ය  ආයතනයයි. නව්‍ය ව්‍යවසායකයන්  සඳහා හිතකර පරිසරයක් නිර්මාණය කිරීමට සහ නව්‍ය  හිතකාමී රජයක් සඳහා දායක වීමට දරන උත්සාහයේ දී, ප්‍රයිස්වෝටර්හවුස් කූපර්ස් ශ්‍රී ලංකාව (PwC) සමඟ එක්ව, තාක්ෂණික නව්‍ය පරිසර පද්ධතිය වේගවත් කිරීම සඳහා “නව්‍ය  හිතකාමී  ව්‍යවසායක පරිසරයක් කරා’ යන නමින් සමීක්ෂණ අධ්‍යයනයක් ආරම්භ කර ඇත. එය ශ්‍රී ලංකාවේ නව්‍ය ව්‍යවසායකයන්  සහ සක්‍රීය ව්‍යවසායකයන්  මුහුණ දෙන බාධාවන් කෙරෙහි අවධානය යොමු කරයි. තවද  බාධක ජය ගැනීම,ක්‍රියාකාරී සැලැස්මක් නිර්මාණය කර ගැනීම යන වැදගත් අංගයන්ගෙන් සමන්විත වේ.

ජුනි 29 වන දින පැවති මාධ්‍ය හමුවකදී මෙම සමීක්ෂණ වාර්තාව එළි දැක්වීම සඳහා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ ප්‍රධාන විධායක නිලධාරී,ඉංජිනේරු, මහින්ද බී. හේරත් මහතා , තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ ප්‍රධාන ඩිජිටල් ආර්ථික නිලධාරී අනුර ද අල්විස් මහතා, පවත්නා නීති හා රෙගුලාසි සරල කිරීම පිළිබඳ ජනාධිපති කොමිෂන් සභාවේ සාමාජික, ටිෂාන් සුබසිංහ මහතා, PwC ශ්‍රී ලංකාවේ මූල්‍ය හා තක්සේරුකරණ උපදේශනය, අධ්‍යක්ෂක අරුණ පෙරේරා මහතා , කැල්සි ටෙක්නොලොජීස් හි ප්‍රධාන විධායක නිලධාරී  මංගල කරුණාරත්න මහතා,ලෝක බැංකු සමූහයේ ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව (අයිඑෆ්සී) සහ තාක්ෂණ ආයෝජන සඳහා දකුණු ආසියාවේ කලාපීය නායක රුචිරා ශුක්ලා මහත්මිය  සහ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ නව්‍ය  පරිසර පද්ධති සංවර්ධන අධ්‍යක්ෂ සචින්ද්‍ර සමරරත්න මහතා යන අය සහභාගී විය.

මෙම සමීක්ෂණය මගින් වර්තමාන තාක්ෂණික නව්‍ය  පරිසර පද්ධතිය පිළිබඳ පුළුල් දැක්මක් සපයන අතර රාජ්‍ය  බලධාරීන් සමඟ එක්ව ක්‍රියාත්මක කළ හැකි විසඳුම් පිළිබඳවද  අවධානය යොමු කරයි. නව්‍ය  පරිසර පද්ධති  වැඩිදියුණු කිරීම සඳහා  රාජ්‍ය  බලධාරීන්ට නව්‍ය  පරිසර පද්ධතිය සමඟ සමීපව කටයුතු කළ හැකි සහයෝගී ප්‍රවේශයක් ද සමීක්ෂණයෙන් ඉදිරිපත් කෙරේ.

නව්‍ය තාක්ෂණික ව්‍යාපාර පද්ධතියේ ප්‍රධාන පාර්ශවකරුවන් 5 දෙනෙකුගෙන්  සමන්විත නිලධාරී මෙහෙයුම් කමිටුවක මඟ පෙන්වීම සහ සහයෝගය සමගින් මෙම  වාර්තාව සකස් වී ඇත. 99X හි ප්‍රධාන විධායක නිලධාරී, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ නියෝජ්‍ය සභාපති, මෙහෙයුම් කමිටු සභාපති – මනෝ සේකරම් මහතා,කැල්සි ටෙක්නොලොජීස් (පුද් ) සමාගමේ  ප්‍රධාන විධායක නිලධාරී  මංගල කරුණාරත්න මහතා ,ලංකා ඒන්ජල් නෙට්වර්ක් හි ප්‍රධාන විධායක නිලධාරි චලින්ද අබේකෝන්  මහතා, භාෂා ලංකා (පුද්) සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ධනිකා පෙරේරා, සිමෙක්ස් මෘදුකාංග (පුද්ගලික) සමාගමේ අධ්‍යක්ෂ වෙලිංටන් පෙරේරා සහ සී මැසෙන්ජර් (පුද්) සමාගමේ  හි ප්‍රධාන විධායක නිලධාරිනි  ජයෝමි  ලොකුලියන මහත්මිය යන අයගෙන් මෙම නිලධාරී කමිටුව සමන්විත වේ.

මෙම අධ්‍යයනයේ වැදගත්කම නම්, නව්‍ය ව්‍යවසායකයින්   මුහුණ දෙන බාධක පිළිබඳ ගැඹුරු  අධ්‍යනයක්  සිදු කර  අනෙක් රටවල සිද්ධි අධ්‍යයනයන් ට සමාන ස්වභාවයකින් විශ්ලේෂණය කිරීමෙන් පසුව ලබාගත් නිගමනයන්  සදහා ක්‍රියාකාරී සැලැස්මක්  නිර්දේශ කර තිබීමයි. යෝජිත  ක්‍රියාකාරී සැලැස්ම දේශීය නව්‍ය ව්‍යවසායකයන්ට  සහය දැක්වීම සඳහා තවදුරටත් දේශීයකරණය කර ඇති අතර  රාජ්‍ය  ආයතන මගින් ද  සහය ලබා දී ඇත.

මෙම වාර්තාව එළිදැක්වීමේ අවස්ථාවට එක්වෙමින් තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ නව්‍ය  පරිසර පද්ධති සංවර්ධන අධ්‍යක්ෂ සචින්ද්‍ර සමරරත්න මහතා මෙසේ පැවසීය. “නව්‍ය  පරිසර පද්ධතිය නංවාලීම සඳහා දිගුකාලීන විසඳුම් සමඟින් ආරම්භක කටයුතු වේගවත් කිරීම සඳහා රජය අවධානය යොමු කළ යුතු ප්‍රධාන අංශ පිළිබඳ පුළුල් තොරතුරු සමූහයක් මෙම වාර්තාව මගින්  සපයනවා. මෙම මූලාරම්භයෙන් ඔබ්බට ගොස්, ශ්‍රී ලංකාවේ තාක්‍ෂණික නව්‍ය ව්‍යවසායකයින්  සඳහා හිතකර පරිසරයක් නිර්මාණය කිරීම සඳහා අපි රාජ්‍ය  ආයතන සමඟ එක්ව කටයුතු කරනවා.”

PwC ශ්‍රී ලංකාවේ මූල්‍ය හා තක්සේරුකරණ උපදේශනය, අධ්‍යක්ෂක අරුණ පෙරේරා මහතා ගේ අදහස් මෙසේය.”ශ්‍රී ලංකාවේ තාක්‍ෂණික නව්‍ය  ව්‍යාපාර වේගවත් කිරීම සඳහා පුළුල් පරාසයක් ලබා දෙන මෙම කාලෝචිත වාර්තාව ආරම්භ කිරීම පිළිබඳව තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයට අපි ස්තූතිවන්ත වෙනවා. ප්‍රාථමික පර්යේෂණ අවධියේදී, PWC විසින් ආරම්භක ව්‍යාපාර 110 කට අධික සංඛ්‍යාවක් මුහුණ දී ඇති මෙහෙයුම් ගැටළු, වර්ධන නිෂේධක, අරමුදල් සහ ප්‍රාග්ධන බාධාවන් සහ වෙළඳපල ප්‍රවේශය පිළිබඳව සමීක්ෂණය කර තිබෙනවා. මීට අමතරව, ප්‍රධාන අංශවල වැඩ කරන නව්‍ය ව්‍යවසායකයින්  මුහුණ දෙන ගැටලු අවබෝධ කර ගැනීම සඳහා PWC  විසින් කණ්ඩායම් සාකච්ඡා පවත්වනවා.  ඊට සමගාමීව, නව්‍ය  ව්‍යවසායක  පරිසර පද්ධති පාර්ශ්වකරුවන් 25 කට අධික සංඛ්‍යාවක් (පුද්ගලික ඉන්කියුබේටර්, අධ්‍යාපන ආයතන, ව්‍යාපාර ප්‍රාග්ධන අරමුදල්, නීති සමාගම් සහ වෘත්තීය ආයතන ඇතුළුව) සම්මුඛ පරීක්ෂණයට භාජනය කරනවා.ශ්‍රී ලංකාවේ නව්‍ය ව්‍යවසායකයන්ගේ  වර්ධනය වේගවත් කිරීම සඳහා යෝජනා ගෙන එන ජාත්‍යන්තර සිද්ධි අධ්‍යයනයන් සලකා බලන අතරම මෙම නිර්දේශ තවදුරටත් ක්‍රියාකාරී සැලැස්මක් ලෙසද  සංවර්ධනය කරනවා.කාලෝචිත අවශ්‍යතාවයක්  වන මෙම වැඩසටහනේ පාර්ශවකරුවෙකු  වීම පිළිබඳව ශ්‍රී ලංකාවේ PwC  හි අපි ආඩම්බර වෙනවා.

විදේශ විනිමය, විදේශ ආයෝජකයින්ට ඇති බාධක, බුද්ධිමය දේපළ, බදුකරණය, සංක්‍රමණ, පර්යේෂණ හා සංවර්ධන, හරස් බෝඩර් ක්‍රියාකාරකම් සඳහා රජයේ සහාය, දත්ත රහස්‍යතාව සහ සයිබර් ආරක්ෂාව, ඩිජිටල් ගෙවීම්, ණය මූල්‍යකරණය, විදුලි සංදේශ රෙගුලාසි, පරිපාලන කාර්යයන් ඩිජිටල්කරණය කිරීම සහ අදාළ අංශ භාරව සිටින රාජ්‍ය  බලධාරීන් සමඟ එක්ව කටයුතු කිරීමෙන් මෙම ගැටළු  විසඳීම සඳහා ක්‍රියාමාර්ග 44 ක් යෝජනා කර ඇත.

ශ්‍රී ලංකා, රජය විසින් ක්‍රියාත්මක කරනු ලබන සියලුම තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ව්‍යාපෘති සඳහා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය ය පුරෝගාමී වේ. තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය “නව්‍ය තාක්ෂණික ව්‍යාපාර පද්ධති සංවර්ධන” (Startup Ecosystem Development) උපායමාර්ගික ව්‍යාපාර ඒකකය මගින්  රට තුළ නව තාක්‍ෂණික ව්‍යවසායක වැඩසටහන් ආරම්භ කිරීම, නව්‍ය තාක්ෂණික ව්‍යාපාරයන් හි ගුණාත්මකභාවය ඉහළ නැංවීම, මුල් අවධියේ අරමුදල් සැපයීම සහ සාර්ථක ව්‍යාපාරයක් පවත්වාගෙන යාමට අවශ්‍ය දැනුම  ලබා දීම අරමුණු කරයි.

තවත් එවැනිම පුවත් කිහිපයක්

Leave a Comment