‘කොවිඩ් ප්‍රභේද පරීක්ෂාව අවිධිමත්’

by admindasun
0 comment 28 views

රට පුරා වාර්තා වන කොවිඩ් ආසාධිතයිනගේ ප්‍රභේද නිර්ණය කිරීමේ පහසුකම් සෞඛ්‍ය අමාත්‍යංශයේ රසායනාගාරවලට ලබා නොදීම පිළිබද කුකුසක් පවතින බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවි කුමුදේශ් පවසයි.

ඉන්දියානු ඩෙල්ටා ප්‍රභේදය සහිත ආසාධිතයන් ප්‍රථම වතාවට ශ්‍රී ලංකාවේ ප්‍රජාව ආශ්‍රිතව සොයා ගනු ලැබුවත් ප්‍රභේද පරීක්ෂා කිරීම ඉතා අවිධිමත්ව මග හැර තිබීම හේතුවෙන්, අක්‍රමවත් ලෙස ලැබෙන මෙම ප්‍රතිඵල මගින් රට තුළ ඩෙල්ටා ප්‍රභේදය කෙතරම් පැතිරී ඇත්දැයි යන්න කිසිසේත්ම තහවුරු කළ නොහැකි බවත් ඔහු කියා සිටියේය.

තව දුරටත් අදහස් දැක්වූ කුමුදේශ් මහතාට අනුව ප්‍රභේද පරීක්ෂණ හැකිතාක් අධෛර්‍යට පත් කරනු ලබමින් සිටින්නේ, සෞඛ්‍ය අමාත්‍යාංශය කිසියම් යටි අරමුණක් සඳහාද යන්න සැකසහිතය. නව තාක්ෂණය යොදා ගනිමින් රුපියල් දහදාහක ටත් වඩා අඩු මුදලකට ප්‍රභේද පරීක්ෂණයක් සිදු කළ හැකිව තිබියදී, සෞඛ්‍ය අමාත්‍යාංශයේ රසායනාගාර සඳහා හිතාමතාම එම පහසුකම ලබා නොදෙන්නේ රෝගය සැබෑ ස්වරූපය හෙළිදරව් වීම වැළැක්වීම සඳහාද යන්න පිළිබඳව සාධාරණ සැකයක් මතු වේ.

මේ සම්බන්ධයෙන් News Unlimited කළ විමසුමකදී සෞඛ්‍ය අමාත්‍යංශයේ ප්‍රකාශක වෛද්‍ය හේමන්ත හේරත් පැවසුවේ මේ වන විට කොවිඩ් ප්‍රභේද නිර්ණය කිරීම පිළිබදව අප රට තුළ පර්යේෂණ සිදු කරනු ලබන්නේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා හා ප්‍රතිශක්ති විද්‍යාව සහ සෛල ජෛව විද්‍යායතනය පමණක් බවයි.

එසේම අප රට තුළ වාර්තා වන රෝගීන් සංඛ්‍යාව මෙන්ම පවතින තත්ත්වය සැළකිල්ලට ගත් විට ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පර්යේෂණ ඒකකය පමණක් ඒ සදහා දැනට ප්‍රමාණවත් බවත් වෛද්‍ය හේරත් පැවසුවේය.

තවත් එවැනිම පුවත් කිහිපයක්

Leave a Comment