‘රු. 82කට දිය හැකි පෙට්‍රල් ලීටරය දෙන්නෙ රු. 157ට’

by admindasun
0 comment 37 views

ඛනිජ තෙල් පිරිපහදුවේ සිට ඉන්ධන පිරවුම්හල දක්වා යන වියදම්ද ආවරණය කිරීමෙන් පසු ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රුපියල් 94.25කට අලෙවි කළ හැකි බව ඛනිජ තෙල් සංස්ථා වෘත්තීය සමිති නියෝජිතයෝ පවසති.

ජාතික සේවක සංගමයේ වෘත්තීය සමිති කැදවුම්කරු ආනන්ද පාලිත පැවසුවේ මෙරටට ළගා වන විට ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 82.25ක් වන බවයි.

ඉන් පසු අවශ්‍ය පිරිපහදු කටයුතු සිදු කිරීමෙන් අනතුරුව අදාළ ඉන්ධන පිරවුම්හල් වෙත ප්‍රවාහනය කිරීමට යන මුදලද ආවරණය කිරීමෙන් පසු රුපියල් 94.25ක මුදලට ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් අලෙවි කළ හැකි බවත් ඔහු කියා සිටියේය.

කෙසේ වෙතත් ඊයේ රාත්‍රි රුපියල් 20.00කින් ඉහළ දැමීමෙන් පසු මේ වන විට මහජනතාවට ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් අලෙවි කරනු ලබන්නේ රුපියල් 157.00ක මුදලකට බවත් ඒ අනුව රජය ඉමහත් ලාබයක් උපයන බවත් පාලිත මහතා කියා සිටියේය.

තවත් එවැනිම පුවත් කිහිපයක්

Leave a Comment