කොවිඩ් එන්නත තවත් දිස්ත්‍රික්ක 12කට

by admindasun
0 comment 27 views

දිලංක ගුණතිලක
මාතලේ, නුවරඑළිය, කෑගල්ල, ත්‍රිකුණාමලය, හම්බන්තොට, බදුල්ල, අනුරාධපුර, පුත්තලම, අම්පාර, මඩකලපුව, මොනරාගල සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවලදී සයිනොෆාම් එන්නත ලබාදීම හෙට (08) ආරම්භ කරන බව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, යුද්ධ හමුදාධිපති සහ කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානී ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා පැවසීය.

මෙම දිස්ත්‍රික්කවල එන්නත්කරණ වැඩසටහන් ආරම්භ කිරීම සඳහා සයිනොෆාම් එන්නත් මිලියනයක් ඊයේ (06) උදෑසන මෙරටට රැගෙන ආ බවත් තවත් සයිනොෆාම් එන්නත් මිලියනයක් ලබන 09 වැනිදා මෙරටට රැගෙන එන බවත් ඉන් අනතුරුව බස්නාහිර පලාත, කුරුනෑගල, රත්නපුර, යාපනය, ගාල්ග සහ මාතර ප්‍රදේශවල මැයි මාසයේ දී එන්නත් ලබාගත් පිරිසට දෙවන මාත්‍රාව වශයෙන් ලබා දෙන බවත් පැවසීය.

එසේම හෙට සිට තවත් දිස්ත්‍රික්ක 12ක් ආවරණය කරමින් සිදුකරන එන්නත්කරණ වැඩසටහන්වලදී වයස අවුරුදු 60ට වැඩි ජ්‍යෙෂ්ට පුරවැසියන්ට, කොරෝනා මර්ධන වැඩපිලිවෙලේ ඉදිරිපෙළ කටයුතු කරන රජයේ සේවකයින්ට, ඇඟළුම් කම්හල් සේවකයින්ට සහ සංකූලතා නොපෙන්වන ගර්භනී මාතාවන්ට ප්‍රමුඛතාවය ලබාදී කටයුතු කිරීමටත් අතිගරු ජනාධිපතිතුමන් උපදෙස් ලබාදුන් බවත් යුද්ධ හමුදාධිපතිවරයා කීය.

තවත් එවැනිම පුවත් කිහිපයක්

Leave a Comment