ලැප්ටොප් එකේ සද්ද නැත්නම් ලේසියෙන්ම හදාගන්න

by admindasun
0 comment 17 views

සාමාන්‍යයෙන් ලැප්ටොප් වල එන ප්‍රශ්ණයක් තමයි හිටි හැටියේ Sound එක නැති වෙලා යන එක. ඉතින් මේ විදිහට Sound එක නැති වෙලා යන්න හේතු කිහිපයක් තියනවා… ඒ තමයි

අතපසු වීමකින් හෝ යම්කිසි Keys කිහිපයක් Press වීම තුළින් ඔබ නොදැනුවත්වම Audio Mute වී තිබිය හැකියි.
Speaker configuration වල දෝෂයක් නිසා සිදුවිය හැකියි. Sound Drivers Out-dated හෝ Malfunction වීමෙන් සිදුවිය හැකියි. Hardware ප්‍රශ්නයක් නිසා සිදුවිය හැකියි.

පියවර 1
Audio Mute වී ඇතිදැයි බලන්න. Task Bar එකේ ඇති Speaker Icon එක මත click කර ඔබට එය බලන්න පුළුවන්.

පියවර 2
Speakers තුළින් sound එන්නේ නැතිනම් headset එකක් plug කර sound තිබෙනවා දැයි බලන්න. headset එක මගින් sound එනවා නම් එය
software හෝ Drivers වල ප්‍රශ්ණයක් විය හැකියි. එසේ නොමැති නම් Speakers වලට physical damage එකක් වී ඇති බවට නිගමනය කරන්නත් පුළුවන්.

පියවර 3
ලැප්ටොප් එකෙහි audio sensor එක Stuck වෙලා නැති බවට තහවුරු කරගන්න. අපි ලැප්ටොප් එකට headset එකක් plug කර සැනින් sound headset එකට මාරු වෙනවා. නමුත් සමහර වෙලාවට අපි headset එක ඉවත් කරත් sound selection එක ඒ විදිහට තිබෙන්න පුළුවන්. මේ වගේ අවස්ථාවක headset එක දෙතුන් පාරක් plug කරල remove කරන විට එය නැවත යතාතත්ත්වයට පත් වෙනවා.

පියවර 4
Playback Device එක check කරන්න. සාමාන්‍යයෙන් ලැප්ටොප් එකෙහි default select වෙලා තියෙන්නේ speaker එක. නමුත් සමහර වෙලාවලදී අපි කලින් සම්බන්ද කරපු wireless speaker එකක් headset එකක් select වෙලා තියෙන්න පුළුවන්. ඉතින් මෙහෙම උනාමත් sound නැතිව යන්න පුළුවන්.
ඉතින් ඒ වගේ අවස්ථාවක Task bar එකේ තියන speaker එකමත right click කරල playback device ගිහින් බලන්න speaker එක default විදිහට select වෙලා තියනවද කියලා…

Audio enhancements disable කරන්න.

Path :
control panel > hardware and sound > sound. From the playback tab, right click your speaker device, and select Properties. Then select the enhancements tab, and check the disable all enhancements box. එය සිදු කර සැණින් Problem එක fix උනා නම් Sound Drivers Update කර නැවත Audio enhancements Re-enable කරන්න.

Driver Booster උපයෝගී කරගනිමින් Sound Drivers Updte කරන්න.

ඉතින් මේ ටික කරලත් sound එක ගන්න බැරි උනානම් මේක අනිවාර්යෙන්ම ලැප්ටොප් speakers වල physical ප්‍රශ්ණයක්. ඉතින් ඒ වෙලාවට නම් ඔබට තාක්ෂණික සහය පතන්නම වෙනවා.

අනුග්‍රහය: www.webtecsrilanka.com

Laptop එකේ සද්දේ නැති වෙලාද? එහෙනම් ලේසියෙන්ම ගොඩදාගන්නේ මෙහෙමයි.

තවත් එවැනිම පුවත් කිහිපයක්

Leave a Comment