කොවිඩ් එනන්තරණය තිදෙනෙකුට යට වෙලා

by admindasun
0 comment 310 views

මේ වන විට වසංගත රෝග විද්‍ය ඒකකයේ තිදෙනෙකු විසින් අතතනෝමතිකව පාලනය කරනු ලබන කොවිඩ් එන්නත්කරණය නිවැරදි මගට ගැනීම සදහා ජාතික වැඩපිළිවෙළක් අවශ්‍ය බව රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය පවසයි.

රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය සෙනාල් ප්‍රනාන්දු මහතා පවසන්නේ පසුගිය බ්‍රහස්පතින්දා ජනාධිපතිවරයා හමුවී කළ සාකච්ඡාවකදී කොවිඩ් එන්නත්කරණය සදහාවූ තම සංගමයේ වැඩ පිළිවෙළ ගැන පැයකට ආසන්න කාලයක් දීර්ඝ වශයෙන් සාකච්ඡා කළ බවයි.

තව දුරටත් අදහස් දැක්වූ වෛද්‍ය ප්‍රනාන්දුට අනුව මෙම වැඩපිලිවෙල සැකසීම සඳහා වසංගත රෝග විද්‍යා ඒකකයේ ඉහත කී අත්තනෝමතික තීරණ ගන්නා තිදෙනා හැර අනෙකුත් ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍යවරුන් සහ වසංගත රෝග විශේෂඥ වෛදවරුන් ද සායනික වෛද්‍යවරුන් ද සම්බන්ධ වී ඇත.

ඒ අනුව රෝගින්ගේ මරණ සංඛ්‍යාව සහ අසාධ්‍ය රෝගින් අවම කිරිමට අවුරුදු 60ට වැඩි පුරවැසියන් එන්නත්කරණය කිරීම (ජනතාවගෙන් 14%ක්), අවුරුදු 60ට අඩු වූවත් බෝ නොවන රෝගවලින් පෙලෙන පිරිස එන්නත්කරණය, සෞඛ්‍ය සේවයේ සේවකයන් සහ කොරෝනා මර්දනය සඳහා දායක වන පොලිසි‌යේ සහ ත්‍රිවිධ හමුදාවේ සාමාජිකයින් මෙන්ම ඔවුන්ගේ අධි අවදානම් ආශ්‍රිතයින් එන්නත්කරණය කිරිම, අත්‍යවශ්‍ය සේවා සැලසිම සඳහා සංචරණයේ අනිවාර්යයෙන් යෙදිය යුතු සහ රටේ ආර්ථිකයට සෘජුවම දායක වන පිරිස් වයස් භේදයකින් තොරව එන්නත්කරණය කිරීම (උදා -ග්‍රාම සේවා නිලධාරින් /පරිපාලන නිලධාරින් /ගුරුවරුන් /වැඩි සේවක ඝණත්වයකින් යුතු කර්මාන්ත ශාලා) එම වැඩසටහනේ මූලික වශයෙන් අඩංගු වේ.

මේ සදහා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්තුමන්ගේ ප්‍රධානත්වයෙන් සහ මහජන සෞඛ්‍ය සඳහා වූ නියොජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකගේ සෘජු අධීක්ෂණය යටතේ ස්ථාපනය කරන ලද එන්නත්කරණය සඳහා වූ ජාතික සම්බන්ධීකරණ කමිටුවක් හරහා මෙම වැඩසටහන ක්‍රියාත්මක කළ යුතු බවත් වෛද්‍ය ප්‍රනාන්දු පැවසුවේය.

තවත් එවැනිම පුවත් කිහිපයක්

Leave a Comment