රාජ්‍ය වෙබ් අඩවි හැක් කළැයි බොරු පැතිරූ කෙනා නීතිය හමුවට

by admindasun
0 comment 41 views

රාජ්‍ය ආයතන කිහිපයක වෙඩ් අඩවිවලට සයිබර් ප්‍රහාරයක් (හැක්) එල්ල වී ඇති බවට වැරදි තොරතුරු ප්‍රචාරය කළ ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමයේ සභාපති යැයි කියා ගන්නා රජිව් යසිරු කුරුවිටගේ මැතිව් යන පුද්ගලයෙකුට එරෙහිව නීතිමය පියවර ගන්නා බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය (SLCERT) පවසයි.

ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයේ (SLCERT) තොරතුරු ආරක්ෂණ ඉංජිනේරු රවිදු මීගස්මුල්ල මහතා පැවසුවේ එම පුවත සම්පූර්ණ අසත්‍ය බවයි.

News Unlimited වෙත අදහස් දක්වමින් තවදුරටත් ඔහු කියා සිටියේ රාජ්‍ය ආයතනයක කිසිදු වෙබ් අඩවියක් සයිබර් ප්‍රහාරයකට ලක්වී නොමැති අතර අතර ඒ සම්බන්ධව ප්‍රකාශ නිකුත් කිරීමේ රාජ්‍ය ආයතනය SLCERT වන බවයි.

කෙසේ වෙතත් එවැනි පිටස්තර පුද්ගලයෙකුට රාජ්‍ය ආයතන සම්බන්ධයෙන් ප්‍රකාශ නිකුත් කිරීමේ හැකියාවක් නොමැති බවත් ඒ සම්බන්ධව නීතිමය පියවර ගැනීමට තම ආයතනය කටයුතු කරන බවත් මීගස්මුල්ල මහතා පැවසුවේය.

ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමයේ සභාපති යැයි කියා ගන්නා රජිව් යසිරු කුරුවිටගේ මැතිව් ඊයේ මාධ්‍යවලට නිකුත් කරන ලද නිවේදනයක සදහන් වූයේ ජනාධිපති කාර්යාලය, විදේශ අමාත්‍යංශය, වෛද්‍ය පර්යේෂණ ආයතනය, ශ්‍රී ලංකාවේ මිනින්දෝරු දෙපාර්තමේන්තුව, පවුල් සෞඛ්‍ය කාර්යංශය, වයඹ පළාත් කළමනාකරණ සංවර්ධන හා පුහුණු ඒකකය යන ආවතනවල වෙඩ් අඩවිවලට සයිබර් ප්‍රහාරයක් එල්ල වී ඇති බවයි.

මෙවැනි සයිබර් ප්‍රහාර එල්ල විය හැකි බවට තම ආයතනව විසින් පෙන්වා දුන්නත් රජය මේ සම්බන්ධයෙන් අවධානය නොකිරීම නිසා මෙසේ වී ඇති එම නිවේදනයේ ඔහු විසින් රජයට චෝදනා කර තිබුණි.

මෙම පුවත සමහර මුද්‍රිත, විද්‍යුත් සහ ඩිජිටල් මාධ්‍යවලද අද වාර්තා කර තිබුණි.

මේ සම්බන්ධයෙන් News Unlimited රජිව් යසිරු කුරුවිටගේ මැතිව් මහතාගෙන් විමසූ විට කියා සිටියේ ඔවුන් එවැනි ප්‍රහාරයක් හදුනාගෙන ඇති අතර ඒ සම්බන්ධයෙන් ජනාධිපති කාර්යාලයද දැනුවත් කර ඇති බවයි.

තවත් එවැනිම පුවත් කිහිපයක්

Leave a Comment