බ්‍රිතාන්‍ය අගමැති හොර රහසේම විවාහ වෙයි‍

by admindasun
0 comment 40 views

බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් සහ ඔහුගේ පෙම්වතිය කැරිගේ රහසේම සංවිධානය කරන ලද විවාහ මංගල උත්සවය පසුගිය සෙනසුරාදා පැවැත්විණි.

එංගලන්තයේ කොවිඩ් – 19 සම්බන්ධව පවතින සීමා හේතු කොටගෙන ඉතා කෙටි දැනුම්දීමකින් අමුත්තන් 30 දෙනෙකු පමණ මෙම විවාහ උත්සවයට සහභාගී වී ඇත.

අග්‍රාමාත්‍ය කාර්යාලයේ ප්‍රකාශක සදහන් කර තිබුණේ මෙය කුඩා උත්සවයක් ලෙස පැවැත්වු‍ණු අතර ලබන මාසයේද‍ී ගිම්හානය උදාවීමත් සමග පුවලේ අයට සහ හිතමිතුරන්ට අගමැතිවරයාගේ විවාහය සැමරීමට උත්සවයක් සංවිධානය කෙරෙන බවයි.

පසුගිය අවුරුදු 200ක ඉතිහාසය තුළ අගමැතිවරයෙක් ලෙස කටයුතු කරන කාලය තුළ විවාහ වුණු පළමු බ්‍රිතාන්‍ය පුද්ගලයා ලෙස ජොන්සන් ඉතිහාසගතවනු ඇත.‍

බොරිස් ජොන්සන් මීට පෙර දෙවතාවක් විවාහ වී ඇත.

තවත් එවැනිම පුවත් කිහිපයක්

Leave a Comment