ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත නැවතත් ශම්මි

by admindasun
0 comment 24 views

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අදට නියමිතව තිබූ නිළවරණයේදී වෙනත් කණ්ඩායම් ඉදිරිපත් වී නොමැති බැවින් හිටපු සභාපති ශම්මි සිල්වා මහතාගේ කණ්ඩායම නිතරගයෙන් ජයග්‍රහණය කළේය.

ඒ අනුව මොහාන් ද සිල්වා මහතාගෙන් යුතු නව නිළධාරී මණ්ඩලය මෙසේය.

සභාපති – ශම්මි සිල්වා
උප සභාපතිවරු – ජයන්ත ධර්මදාස සහ රවීන් වික්‍රමරත්න
ලේකම් – මොහාන් ද සිල්වා
භාණ්ඩාගාරික – ලසන්ත වික්‍රමසිංහ
නියෝජ්‍ය ලේකම් – ක්‍රිෂාන්ත කපුවත්ත
නියෝජ්‍ය භාණ්ඩාගාරික – සුජීව ගොඩලියද්ද

මෙම නිළධාරී මණ්ඩලය 2023 දක්වා වූ වසර 02ක ධූර කාලයකට කටයුතු කරනු ඇත.

ක්‍රිකට් නිළවරණය සදහා නාම යෝජනා කැදවූ අවස්ථාවේදී හිටපු සභාපති ශම්මි සිල්වා සහ හිටපු ලේකම්වරයෙකු වූ කේ. මතිවනන් මහත්වරුන්ගෙන් යුතු කණ්ඩායම් දෙකක් නාම යෝජනා බාර දුන් අතර පසුව මතිවනන් මහතාගෙන් යුතු කණ්ඩායමේ නාම යෝජනා පසුගිය 18 වනදා ඉල්ලා අස් කර ගත්තේය.

ශ්‍රි ලංකා ක්‍රිකට් හිටපු සභාපතිවරු

ලංකා ක්‍රිකට් සංගමය (1914 – 1948)
ජෝන් ආර්. රොක්වුඩ් (1914-33)
එඩ්වින් එම්. කරුණාරත්න (1933-34)
චන්ද්‍රරාජන් සරවණමුත්තු (1937-48)

ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලය (1948 – 1972)
පාක්‍යසෝති සරවණමුත්ත (1948-50)
ඊ. ක්‍රිස්ටෝෆෙයිස් (1950-52)
ජේ. ආර්. ජයවර්ධන (1952-55)
එස්. සරවණමුත්තු (1955-56)
රොබට් සේනානායක (1956-72)

ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලය (1972-2000)
සායි සේනානායකරාජා (1972-76)
බර්ට්‍රම් හෙයින් (1976-78)
ආචාර්ය එන්. එම්. පෙරේරා (1978-79)
ටී. බී. වේරපිටිය (1979-81)
ගාමිණී දිසානායක (1981-89)
ලක්ෂ්මන් ජයකොඩි (1989-90)
ඵම්. චන්ද්‍රරාජා (1990-91)
ටිරෝන් ප්‍රනාන්දු (1991-94)
ආනා පුංචිහේවා (1995-96)
උපාලි ධර්මදාස (1996-98)
තිලංග සුමතිපාල (1998-99)
රියන්සි විජේතිලක (1999) – (අතුරු කමිටුව)
තිලංග සුමතිපාල (2000-01)
විජය මලලසේකර (2001-02) – (අතුරු කමිටුව)
හේමක අමරසූරිය (2002-03) – (අතුරු කමිටුව)

ශ්‍රී ලංකා ක්‍රිකට් (2003 සිට මේ දක්වා)
තිලංග සුමතිපාල (2003 – 04)
මොහාන් ද සිල්වා (2004-05)
ජයන්ත ධර්මදාස (2005-07) – (අතුරු කමිටුව)
අර්ජුණ රණතුංග (2008) – (අතුරු කමිටුව)
එස්. ලියනගම (2008-9) – (රජයෙන් පත් කළ නිසි බලධාරියා)
සෝමචන්ද්‍ර ද සිල්වා (2009-11) – (අතුරු කමිටුව)
උපාලි ධර්මදාස (2011-12)
ජයන්ත ධර්මදාස (2013-15) – (අතුරු කමිටුව)
සිදත් වෙත්තමුණි (2015-16) – (අතුරු කමිටුව)
තිලංග සුමතිපාල (2016-18)
කමල් පද්මසිරි (2018) – (රජයෙන් පත් කළ නිසි බලධාරියා)
ශම්මි සිල්වා (2019-21)

තවත් එවැනිම පුවත් කිහිපයක්

Leave a Comment