ඉදිරි දිනවලත් රෝගීන් වැඩිවනවා – GMOA

by admindasun
0 comment 127 views

ඉදරි දිනවලදීද තව දුරටත් තව දුරටත් රෝගීන්ගේ වැඩිවීමක් බලාපොරොත්තු විය හැකි බව රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය පවසයි.

අද දින මාධ්‍ය අමතමින් රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය ෂෙනාල් ප්‍රනාන්දු පැවසුවේ මේ වන විට පනවා ඇති සංචරණ සීමාවල ප්‍රතිඵලයක් ලෙස කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාව පහත වැටීමට සති කිහිපයක් ගත විය හැකි බවයි.

පසුගියදා වසංගත රෝග විද්‍යා අංශය විසින් නිකුත් කළ කොවිඩ් ව්‍යාප්තිය පෙන්වන සිතියමට අනුව මේ වන විට ලංකාවේ සියලුම සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කොට්ඨාසවලම කොවිඩ් රෝගය දරුණු ලෙස පැතිරෙමින් ඇති බවත් ඔහු කියා සිටියේය.

තව දුරටත් අදහස් දැක්වූ වෛද්‍ය ප්‍රනාන්දුට අනුව ජනතාව කොපමණ ආරක්ෂා විය යුතුදැයි යන්න මෙම සිතියම අධ්‍යයනය කිරීමෙන් තීරණය කළ හැකි බවයි.

එසේම සෞඛ්‍ය අංශද මේ වන විට උපරිම සෞඛ්‍ය ධාරිතාවෙන් කටයුතු කරන අතර මහජනතාවගේ සහයෝගය නොලැබුණහොත් රතු කලාප කොළ බවට පත් කර ගැනීම අපහසු වන බවයි.

ඊයේ දිනයේ කොළඹ, කළුතර, නුවරඑළිය, ගාල්ල, මහනුවර ගම්පහ, කුරුණෑගල, ගාල්ල යන ප්‍රදේශවලින් රෝගීන් 100ට වඩා වාර්තා වන අතර පසුගිය සිංහල අවුරුදු සමය තුළ ජනතාව හැසිරුණු ආකාරය හේතුකොටගෙන මෙම ප්‍රතිඵලයට මුහුණ දීමට සිදුව ඇත.

රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමයේ ශාඛා සමිතිවලින් ලැබෙන තොරතුරුවලට අනුව ඉදිරියේදී ගම්පහ දිස්ත්‍රික්කයේ තත්ත්වය අතිශය බරපතල වන බවත් පෙනෙන්නට තිබෙන බවත් වෛද්‍ය ප්‍රනාන්දු පවසයි.

එනිසා රජය විසින් පනවන සංචරණ සීමාවලට ජනතාව ඒ අයුරින්ම අනුගත විය යුතු බව පවසන ඔහු කියා සිටියේ පුද්ගල දුරස්ථාභාවය 80% – 90% සීමාවට ගෙන ඒමට හැකිනම් රෝග ව්‍යාප්තිය පාලනය කරගත හැකි බවයි.

70% දක්වා ප්‍රද්ගල දුරස්ථභාවය ඉහළ දමා ගත හෝ රෝගය යම් කිසි පාලනයකට යටත් කරවිය හැකි බවත් ඔහු කියා සිටියේය.

තවත් එවැනිම පුවත් කිහිපයක්

Leave a Comment