Red Dot සම්මානය OPPO Find X3 Pro දිනා ගනී

by admindasun
0 comment 12 views

OPPO සමාගමේ දුරකථන මාදිලි අතර ඉහළම තලයේ මාදිලියක් වන Find X3 Pro වෙනුවෙන් පසුගියදා Red Dot: Product Design සම්මානය හිමි විය. මෙම මාදිලියට භාවිතා වී ඇති පුරෝගාමී, මානව-කේන්ද්‍රීය හා නිර්මාණශීලී චින්තනයක් ඇගයීමක් ලෙස මෙම සම්මානය පිරිනමා තිබේ.

“OPPO යනු මනුෂ්‍ය වර්ගයා සුපෝෂණය කළ හැකි තාක්ෂණයන් නිර්මාණය කරන සමාගමක්. අලුත් දේවල් සොයාබැලීම සඳහා ඇති උනන්දුව මුල්කර ගනිමින් අපි Find X3 Pro මාදිලිය නිර්මාණය කළා. මෙය සෑම මොහොතකටම අලංකාරය එක්කිරීම සමත් වන සුවිශේෂී, කලාත්මක නිර්මාණයක් ලෙස හැඳින්වීමට පුළුවන්. අපගේ එම උත්සාහය මෙලෙස සැලසුම්කරණ විශිෂ්ටත්වයේ ගෝලීය ප්‍රමුඛයන් වන Red Dot Design සම්මාන උළෙලේ විනිශ්චය මණ්ඩලයේ ඇගයීමට ලක්වීම අපට විශාල සතුටක්.”OPPO හි ගෝලීය අලෙවිකරණ සභාපති Lie Liu මහතා පැවසී ය.

අභ්‍යවකාශ යුගයේ කලාත්මක බව සහ අනාගතවාදී සෞන්දර්ය මූලධර්ම මුසුකිරීම
ලොව ප්‍රමුඛතම වෘත්තීය නිර්මාණ සැලසුම් සම්මානවැඩසටහන් අතරින් එකක් ලෙස සැලකෙන Red Dot සම්මාන උළෙල සඳහා ලොව පුරා රටවල් 60 කට අධික සංඛ්‍යාවකින් අයදුම්පත් දහසකට වැඩි සංඛ්‍යාවක් ඉදිරිපත් වේ. සම්භාව්‍ය අභ්‍යවකාශ යුගයේ සෞන්දර්යය සමග අනාගතවාදී සේයාවන් මුසු කරමින් OPPO නිර්මාණය කළ Find X3 Pro විනිශ්චය මණ්ඩලයේ අවධානය දිනාගත් අතර, ඒ අනුව Red Dot Award:Product Design 2021 සම්මානය එයට හිමි විය.

Find X3 Pro වැනි සුවිශේෂී දෘශ්‍ය අනන්‍යතාවක් සහිත නිර්මාණයක් සඳහා ජාත්‍යන්තර වශයෙන් ඉහළම තලයේ ඉංජිනේරු හැකියාවක් අවශ්‍ය වේ. එහි පසුපස පැනලය නිමවා ඇත්තේ ඉතාමත් අලංකාර තනි වීදුරු තලයක් ලෙසිනි. එහි සිහින් රාමුව එහි බලය සමග කැමරාව සහ බැටරිය මැනැවින් රාමුගත කරගනී.

දිගුකල් පවතින ලෙස නිමවා ඇති Find X3 Pro ඉතාමත් සිහින් දුරකථනයක් වන අතර බරින්ද අඩු ය. එහි ඝනත්වය මිලිමීටර් 8.26 ක් වන අතර බර ග්‍රෑම් 193 කි. පහසුවෙන් සාක්කුවේ දමාගත හැකි සහ අතෙහි රඳවාගත හැකි එය ජලය සහ දුහුවිලි ඇතුළු නොවීම සම්බන්ධයෙන් ෂඡ68 ශ්‍රේණිගතකරණ මට්ටමේ පවතී.

Gloss Black වර්ණයෙන් Find X3 Pro සුවිශේෂී අලංකාරයක් කැටිකරගත් දුරකථනයකි. එහි ආකර්ෂණීය පෝසිලෙන් ආල්පනය ආලෝකයත් සමග විවිධ කෝණයන් අනුව සුවිශේෂී වර්ණ රටා මවන අතර සෙරමික් වලට සමාන නිමාව එයට කැඩපතක් බඳු ඔපවත් කළු පැහැයක් සහිත සමකළ නොහැකි අතිවිශේෂ පෙනුමක් ලබාදෙයි. එමෙන්ම 85% ක පාරාන්ධතා මට්ටමක් සමග Anti-glare Matte නිමාවක් සහිත නිල් වර්ණයකින්ද FindX3 Pro දුරකථන ලබාගත හැක. කැමරාව අවට පිහිටුම සමග එක්ව අපූර්ව දෘශ්‍ය ප්‍රතිවිරෝධයක් සහිත පෙනුමක් දෙන සැටින් නිමාවක් සහිත එය ඕනෑම කෙනෙකුගේ සිත් ගන්නා කලාත්මක බවකින් යුක්ත ය.

තවත් එවැනිම පුවත් කිහිපයක්

Leave a Comment